සූරා 12 · ජුස් 12

Yusuf · 12:51

قَالَ مَا خَطْبُكُنَّ إِذْ رَاوَدْتُنَّ يُوسُفَ عَنْ نَفْسِهِ ۚ قُلْنَ حَاشَ لِلَّهِ مَا عَلِمْنَا عَلَيْهِ مِنْ سُوءٍ ۚ قَالَتِ امْرَأَتُ الْعَزِيزِ الْآنَ حَصْحَصَ الْحَقُّ أَنَا رَاوَدْتُهُ عَنْ نَفْسِهِ وَإِنَّهُ لَمِنَ الصَّادِقِينَ

‘නුඹලා යූසුෆ් පොලඹවා ගන්නට තැත් කළ අවස්ථාවේ නුඹලාට කුමක් වී දැ’යි (රජු) විමසුවේය. ‘අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමු. ඔහු ගැන කිසිදු අයහපතක් අපි නොදනිමු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘දැන් සත්‍යය පැහැදිලි විය. ඔහු ව (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළේ මමයි. තවද නියත වශයෙන්ම ඔහු සත්‍යවාදීන් අතුරිනි’ යැයි අසීස්ගේ බිරිය පැවසුවාය.

තෆ්සීර්

රජු එම කාන්තාවන් සමග කතා කරමින්, "නුඹලා සමග අශීලාචාර ලෙස කටයුතු කිරීම සඳහා යූසුෆ්ගෙන් නුඹලා කූට ලෙස ඇරයුම් කළ අවස්ථාවේ නුඹලාගේ කරුණ කුමක් වීද?" යැයි විමසීය. අසීස්ගේ බිරිඳ තමන් කළ වරද පිළිගෙන, "දැන් සත්ය හෙළි වී ඇත. ඔහුව පොළඹවන්නට තැත් කළේ මමයි. කිසිවිටෙක ඔහු මා පොළඹවන්නට තැත් කළේ නැත. ඔහු පිළිබඳ මම කවර චෝදනාවක් කළේ ද ඒ සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂී යැයි ඉදිරිපත් කෙරන වාදයෙහි සැබැවින්ම ඔහු සත්යවාදියෙකු යැ"යි ඇය පැවසුවාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න