සූරා 12 · ජුස් 12
Yusuf · 12:50
وَقَالَ الْمَلِكُ ائْتُونِي بِهِ ۖ فَلَمَّا جَاءَهُ الرَّسُولُ قَالَ ارْجِعْ إِلَىٰ رَبِّكَ فَاسْأَلْهُ مَا بَالُ النِّسْوَةِ اللَّاتِي قَطَّعْنَ أَيْدِيَهُنَّ ۚ إِنَّ رَبِّي بِكَيْدِهِنَّ عَلِيمٌ
‘ඔහු මා වෙත ගෙන එනු’ යැයි රජු පැවසුවේය. නමුත් දූතයා ඔහු(යූසුෆ්) වෙත පැමිණි කල්හි ‘ඔබ ඔබේ ස්වාමියා වෙත හැරී ගොස් තම අත් කපා ගත් කාන්තාවන්ගේ තත්ත්වය කුමක් දැයි ඔහුගෙන් විමසනු. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔවුන්ගේ උපාය පිළිබඳ සර්ව ඥානීය’ යැයි පැවසුවේය.
තෆ්සීර්
තමන් දුටු සිහිනය පිළිබඳ යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා කළ විස්තරය රජුට දැනගන්නට ලැබූ කල්හි ඔහු තම සේවකයින් අමතා, "ඔහු ව සිරගෙයින් එලියට ගනු. ඔහු මා වෙත කැඳවා ගෙන එනු." යැයි පැවසීය. රජුගේ දූතයකු යූසුෆ් වෙත පැමිණි විට, එතුමා, "ඔබ ඔබේ ප්රධානී රජු වෙත ගොස් සිරගෙයින් මා පිටවීමට පෙර මාගේ නිර්දෝෂීභාවය ඔප්පු වන පරිදි තම අත් තුවාල කර ගත් කාන්තාවන්ගේ කතාව කුමක් දැ?යි විමසා සිටිනු. ඔවුන් මට කළ චෝදනාවන් පිළිබඳ සැබැවින්ම මාගේ පරමාධිපති සර්වඥය. ඔහුට කිසිවක් සැඟවිය නොහැක." යැයි කීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න