සූරා 12 · ජුස් 12

Yusuf · 12:13

قَالَ إِنِّي لَيَحْزُنُنِي أَنْ تَذْهَبُوا بِهِ وَأَخَافُ أَنْ يَأْكُلَهُ الذِّئْبُ وَأَنْتُمْ عَنْهُ غَافِلُونَ

නුඹලා ඔහු කැටුවාගෙන යෑම නියත වශයෙන්ම මා දුකට පත් කරනු ඇත. තවද නුඹලා ඔහු ගැන නොසැලකිල්ලෙන් සිටිය දී වෘකයා ඔහු ව කා දමනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසීය.

තෆ්සීර්

යඃකූබ් (අලයිහිස් සලාම්)තුමා තම දරුවන්හට, "නුඹලා ඔහු රැගෙන යාම සැබැවින්ම මා දුකට පත් කරනු ඇත. ඊට හේතුව ඔහුගෙන් වෙන්වීම මාහට ඉවසිය නොහැක්කකි. නුඹලා කෙළි සෙල්ලම් කරන විට ඔහු ගැන නුඹලා නොසැලකිලිමත්භාවයෙන් සිටිය දී වෘකයා ඔහු ව කා දමනු ඇතැයි මම බියවෙමි." යැයි පැවසිය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න