Adh-Dhariyat

سورة الذاريات

සූරා 51 · මක්කා · 60 පද

51:1ජුස් 26 · පි. 520

وَالذَّارِيَاتِ ذَرْوًا1

දූවිලි විසුරුවමින් දූවිලි නංවන සුළං මත දිවුරමින්.
51:2ජුස් 26 · පි. 520

فَالْحَامِلَاتِ وِقْرًا2

(වැසි) බර උසුලන වළාකුළු මත දිවුරමින්.
51:3ජුස් 26 · පි. 520

فَالْجَارِيَاتِ يُسْرًا3

පහසුවෙන් යාත්‍රා කරන නැව් මත දිවුරමින්.
51:4ජුස් 26 · පි. 520

فَالْمُقَسِّمَاتِ أَمْرًا4

(වැසි) කටයුතු බෙදා හරින මලාඉකාවරුන් මත දිවුරමින්.
51:5ජුස් 26 · පි. 520

إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ5

නියත වශයෙන්ම නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ සත්‍යයක්මය.
51:6ජුස් 26 · පි. 520

وَإِنَّ الدِّينَ لَوَاقِعٌ6

තවද නියත වශයෙන්ම විනිශ්චය සිදුවන්නක්මය.
51:7ජුස් 26 · පි. 521

وَالسَّمَاءِ ذَاتِ الْحُبُكِ7

විවිධ මාර්ගවලින් යුත් අහස මත දිවුරමින්.
51:8ජුස් 26 · පි. 521

إِنَّكُمْ لَفِي قَوْلٍ مُخْتَلِفٍ8

නියත වශයෙන්ම නුඹලා විවිධ ප්‍රකාශ අතරය.
51:9ජුස් 26 · පි. 521

يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ9

(සත්‍යය දැයින්) හරවනු ලැබූවන් ඔහුගෙන් හරවනු ලබයි.
51:10ජුස් 26 · පි. 521

قُتِلَ الْخَرَّاصُونَ10

බොරුකාරයින් ශාප කරනු ලැබීය.
51:11ජුස් 26 · පි. 521

الَّذِينَ هُمْ فِي غَمْرَةٍ سَاهُونَ11

ඔවුන් වනාහි අවුල්ජාලයෙහි ගිලිහී නොසැලකිලිමත් වූවෝ වෙති.
51:12ජුස් 26 · පි. 521

يَسْأَلُونَ أَيَّانَ يَوْمُ الدِّينِ12

විනිශ්චය දිනය කවදා දැයි ඔවුහු විමසති.
51:13ජුස් 26 · පි. 521

يَوْمَ هُمْ عَلَى النَّارِ يُفْتَنُونَ13

(එය නිරා) ගින්න මත ඔවුහු දඬුවම් කරනු ලබන දිනයයි.
51:14ජුස් 26 · පි. 521

ذُوقُوا فِتْنَتَكُمْ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تَسْتَعْجِلُونَ14

කවර දෙයක් පිළිබඳ නුඹලා ඉක්මණින් පතමින් සිටියහු ද එවන් නුඹලාගේ පරීක්ෂණය නුඹලා රස විඳිනු.
51:15ජුස් 26 · පි. 521

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ15

නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා උල්පත් වලය.
51:16ජුස් 26 · පි. 521

آخِذِينَ مَا آتَاهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ16

ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ ලබා ගන්නන් වශයෙනි. නියත වශයෙන්ම ඔවුහු එයට පෙර දැහැමියන් ලෙස සිටියෝය.
51:17ජුස් 26 · පි. 521

كَانُوا قَلِيلًا مِنَ اللَّيْلِ مَا يَهْجَعُونَ17

ඔවුහු (සලාතය සඳහා අවදි ව) රාත්‍රියෙහි ස්වල්ප කාලයක් නිදාගන්නන් වූහ.
51:18ජුස් 26 · පි. 521

وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ18

තවද අලුයම් කාලයන්හි ඔවුහු (පාපොච්චරණය කරමින්) සමාව අයැදිති.
51:19ජුස් 26 · පි. 521

وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِلسَّائِلِ وَالْمَحْرُومِ19

තවද ඉල්ලා සිටින්නාට හා (ධනය) වළක්වනු ලැබූවන්ට ඔවුන්ගේ ධනයෙන් (දන්දීම) උරුමයක් විය.
51:20ජුස් 26 · පි. 521

وَفِي الْأَرْضِ آيَاتٌ لِلْمُوقِنِينَ20

තවද තරයේ විශ්වාස කරන්නන්හට මහපොළොවේ සංඥාවන් ඇත.
51:21ජුස් 26 · පි. 521

وَفِي أَنْفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ21

තවද නුඹලා තුළ ද (සංඥාවන් ඇත). එහෙයින් නුඹලා අවධානයෙන් නොබලන්නෙහු ද?
51:22ජුස් 26 · පි. 521

وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ22

තවද නුඹලාගේ පෝෂණය හා නුඹලාට ප්‍රතිඥා දෙනු ලැබු දෑ අහස තුළ තිබේ.
51:23ජුස් 26 · පි. 521

فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِثْلَ مَا أَنَّكُمْ تَنْطِقُونَ23

අහස්හි හා මහපොළොවේ හිමිපාණන් මත දිවුරමින්. නියත වශයෙන්ම නුඹලා කතා කරනවාක් මෙන් සැබැවින්ම එය සත්‍යයක්මය.
51:24ජුස් 26 · පි. 521

هَلْ أَتَاكَ حَدِيثُ ضَيْفِ إِبْرَاهِيمَ الْمُكْرَمِينَ24

ඉබ්‍රාහීම්ගේ සම්භාවනීය ආගන්තුකයින්ගේ කතාව නුඹ වෙත පැමිණියේ ද?
51:25ජුස් 26 · පි. 521

إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ قَوْمٌ مُنْكَرُونَ25

ඔවුහු ඔහු වෙත පිවිසුණු අවස්ථාවේ ඔවුහු සලාම් (සාමය) යැයි පැවසූහ. ඔහු ද සලාම්(සාමයයි) පැවසීය. නාඳුනන පිරිසකි (යැයි සිතුවේය.)
51:26ජුස් 26 · පි. 521

فَرَاغَ إِلَىٰ أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍ26

එසැණින් ඔහු තම පවුල වෙත ගොස් බැඳපු (පුෂ්ටිමත්) වසුපැටවකු ගෙන ආවේය.
51:27ජුස් 26 · පි. 521

فَقَرَّبَهُ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ27

ඔහු එය ඔවුන් වෙත සමීප කරවීය. (ඔවුන් එයින් වැළකී සිටිනු දැක) “නුඹලා අනුභව නොකරන්නෙහු දැ”යි ඔහු විමසීය.
51:28ජුස් 26 · පි. 521

فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَامٍ عَلِيمٍ28

ඔවුන් ගැන බියක් ඔහු තුළ දැනුනි. (එවිට) “නුඹ බිය නොවනු”යි ඔවුහු පැවසූහ. තවද ඥානවන්ත දරුවකු පිළිබඳ ව ඔවුහු ඔහුට ශුභාරංචි දන්වා සිටියහ.
51:29ජුස් 26 · පි. 521

فَأَقْبَلَتِ امْرَأَتُهُ فِي صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ29

එවිට ඔහුගේ බිරිය හඬ නගමින් ඉදිරියට පැමිණ ඇයගේ මුහුණට ඇය ගසා ගනිමින් (තමන්) “වයෝවෘද්ධ වඳ කතක්” යැයි පැවසුවාය.
51:30ජුස් 26 · පි. 521

قَالُوا كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُ هُوَ الْحَكِيمُ الْعَلِيمُ30

“නුඹලාගේ පරමාධිපති පැවසුවේ එලෙසය. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානී මහා ප්‍රඥාවන්තයාය.” යැයි ඔවුහු පැවසූහ.
51:31ජුස් 27 · පි. 522

۞ قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ31

අහෝ එවනු ලැබූ දූතයිනි! එසේනම් නුඹලාගේ දූත පණිවිඩය කුමක් දැ?යි ඔහු (ඉබ්‍රාහීම්) විමසීය.
51:32ජුස් 27 · පි. 522

قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُجْرِمِينَ32

“සාපරාධි පිරිසක් වෙත නියත වශයෙන්ම අපි එවනු ලැබුවෙමු” යැයි ඔවුහු පැවසූහ.
51:33ජුස් 27 · පි. 522

لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِنْ طِينٍ33

“මැටියෙන් යුත් ගල් (වර්ෂාවක්) ඔවුන් වෙත අප එවනු පිණිස.”
51:34ජුස් 27 · පි. 522

مُسَوَّمَةً عِنْدَ رَبِّكَ لِلْمُسْرِفِينَ34

“සීමාව ඉක්මවා ගියවුන් සඳහා නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවක් ලෙසින්”
51:35ජුස් 27 · පි. 522

فَأَخْرَجْنَا مَنْ كَانَ فِيهَا مِنَ الْمُؤْمِنِينَ35

එවිට එහි සිටියවුන් අතරින් දෙවියන් විශ්වාස කරන්නන් අපි බැහැර කළෙමු.
51:36ජුස් 27 · පි. 522

فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِنَ الْمُسْلِمِينَ36

එහෙයින් අවනතවන්නන් අතුරින් එක් නිවසක් හැර එහි (වෙනත් කිසිදු නිවසක්) නොදුටුවෙමු.
51:37ජුස් 27 · පි. 522

وَتَرَكْنَا فِيهَا آيَةً لِلَّذِينَ يَخَافُونَ الْعَذَابَ الْأَلِيمَ37

තවද වේදනීය දඬුවමට බියවන්නන් හට අපි එහි සංඥාවක් (අත හැර දමා) ඉතිරි කළෙමු.
51:38ජුස් 27 · පි. 522

وَفِي مُوسَىٰ إِذْ أَرْسَلْنَاهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَانٍ مُبِينٍ38

තවද මූසා තුළ ද අපි ඔහු ෆිර්අවුන් වෙත පැහැදිලි බලයක් සමග එවූ අවස්ථාවේ (සංඥාවක්) විය.
51:39ජුස් 27 · පි. 522

فَتَوَلَّىٰ بِرُكْنِهِ وَقَالَ سَاحِرٌ أَوْ مَجْنُونٌ39

එවිට ඔහු (ෆිර්අවුන්) ඔහුගේ බල ඇණිය හේතුවෙන් (විශ්වාස කිරීමට) පිටුපෑවේය. තවද (මූසා) “හූනියම් කරුවෙකි. එසේ නැතහොත් උම්මත්තකයෙකි” යැයි ඔහු පැවසීය.
51:40ජුස් 27 · පි. 522

فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ وَهُوَ مُلِيمٌ40

එවිට අපි ඔහු හා ඔහුගේ සේනාව ග්‍රහණය කළෙමු. එවිට ඔහු දොස් නගනු ලැබූවෙකු ලෙසින් අපි ඔවුන් මුහුදට හෙළුවෙමු.
51:41ජුස් 27 · පි. 522

وَفِي عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ الرِّيحَ الْعَقِيمَ41

තවද ආද් ජනයා තුළ ද ඔවුන් වෙත අපි වනසන සුළඟක් එවූ අවස්ථාවේ ද (සංඥාවක්) විය.
51:42ජුස් 27 · පි. 522

مَا تَذَرُ مِنْ شَيْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَالرَّمِيمِ42

ඒ වෙත පැමිණි කිසිවෙක් හෝ එය දිරාපත් නටබුන් මෙන් පත් කළාක් මිස අත්හැරියේ නැත.
51:43ජුස් 27 · පි. 522

وَفِي ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا حَتَّىٰ حِينٍ43

තවද සමූද් ජනයා තුළ ද “නුඹලා ටික කලකට භුක්ති විඳිනු” යැයි කියනු ලැබූ අවස්ථාවේ ද (සංඥාවක්) විය.
51:44ජුස් 27 · පි. 522

فَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ وَهُمْ يَنْظُرُونَ44

නමුත් ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගයට ඔවුහු අකීකරු වූහ. එවිට ඔවුන් බලා සිටියදීම අකුණු පහර ඔවුන් ග්‍රහණය කළේය.
51:45ජුස් 27 · පි. 522

فَمَا اسْتَطَاعُوا مِنْ قِيَامٍ وَمَا كَانُوا مُنْتَصِرِينَ45

එවිට සිට ගැනීමට පවා ඔවුනට නොහැකි විය. තවද ඔවුහු තමන්ටම උදව් කරගන්නන් නොවූහ.
51:46ජුස් 27 · පි. 522

وَقَوْمَ نُوحٍ مِنْ قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ46

තවද මීට පෙර නූහ්ගේ ජනයා ද (අපි ග්‍රහණය කළෙමු.) නියත වශයෙන්ම ඔවුහු නොහොබිනා පිරිසක් වූහ.
51:47ජුස් 27 · පි. 522

وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ47

තවද අහස අපි එය ශක්තිමත් ව ඉදි කළෙමු. තවද නියත වශයෙන්ම අපි ව්‍යාප්ත කළවුන් වෙමු.
51:48ජුස් 27 · පි. 522

وَالْأَرْضَ فَرَشْنَاهَا فَنِعْمَ الْمَاهِدُونَ48

තවද මහපොළොව, අපි එය දිග හැරියෙමු. (විධිමත් ව) දිග හැරියවුන් යහපත් විය.
51:49ජුස් 27 · පි. 522

وَمِنْ كُلِّ شَيْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ49

නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස සෑම දෙයක්ම යුගල වශයෙන්ම අපි මැව්වෙමු.
51:50ජුස් 27 · පි. 522

فَفِرُّوا إِلَى اللَّهِ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ50

එහෙයින් නුඹලා අල්ලාහ් වෙත වේගයෙන් යනු. නියත වශයෙන්ම මම නුඹලා සඳහා පැමිණි ඔහුගෙන් වූ පැහැදිලි අනතුරු හඟවන්නෙකි.
51:51ජුස් 27 · පි. 522

وَلَا تَجْعَلُوا مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ51

තවද නුඹලා අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු පත් නොකරනු. නියත වශයෙන්ම මම ඔහුගෙන් නුඹලා සඳහා පැමිණි පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.
51:52ජුස් 27 · පි. 523

كَذَٰلِكَ مَا أَتَى الَّذِينَ مِنْ قَبْلِهِمْ مِنْ رَسُولٍ إِلَّا قَالُوا سَاحِرٌ أَوْ مَجْنُونٌ52

එලෙසය ඔවුනට පෙර සිටියවුන් වෙත යම් දහම් දූතයකු පැමිණි විට හූනියම් කරුවෙකි නැතහොත් උම්මත්තකයෙකි යැයි ඔවුහු පැවසුවා මිස නොවීය.
51:53ජුස් 27 · පි. 523

أَتَوَاصَوْا بِهِ ۚ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ53

ඔවුන් එකිනෙකා මේ ගැන උපදෙස් දෙන්නෝ ද? එසේ නොව ඔවුන් සීමාව ඉක්මවා ගිය පිරිසකි.
51:54ජුස් 27 · පි. 523

فَتَوَلَّ عَنْهُمْ فَمَا أَنْتَ بِمَلُومٍ54

එහෙයින් නුඹ ඔවුන්ගෙන් හැරී යනු. හේතුව නුඹ දොස් නගනු ලබන්නෙකු නොවනු ඇත.
51:55ජුස් 27 · පි. 523

وَذَكِّرْ فَإِنَّ الذِّكْرَىٰ تَنْفَعُ الْمُؤْمِنِينَ55

තවද නුඹ මෙනෙහි කරනු. හේතුව නියත වශයෙන්ම මෙනෙහි කිරීම දේව විශ්වාසවන්තයින්ට ප්‍රයෝජනවත් වනු ඇත.
51:56ජුස් 27 · පි. 523

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ56

තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නොමැව්වෙමි.
51:57ජුස් 27 · පි. 523

مَا أُرِيدُ مِنْهُمْ مِنْ رِزْقٍ وَمَا أُرِيدُ أَنْ يُطْعِمُونِ57

ඔවුන්ගෙන් මම කිසිදු පෝෂණයක් අපේක්ෂා නොකරමි. එමෙන්ම ඔවුන් මට ආහාර සැපයිය යුතු යැයි ද මම අපේක්ෂා නොකරමි.
51:58ජුස් 27 · පි. 523

إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ58

නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු ස්ථාවර බලය ඇති මහා පෝෂකයාය.
51:59ජුස් 27 · පි. 523

فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا ذَنُوبًا مِثْلَ ذَنُوبِ أَصْحَابِهِمْ فَلَا يَسْتَعْجِلُونِ59

එහෙයින් නියත වශයෙන්ම අපරාධ කළවුන් වනාහි ඔවුන්ගේ සගයින්ගේ පාපයන් මෙන් පාපයන් ඔවුනට ඇත. එහෙයින් ඔවුහු (දඬුවම) ඉක්මන් කරන්නැයි මගෙන් නොපැතිය යුතුය.
51:60ජුස් 27 · පි. 523

فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنْ يَوْمِهِمُ الَّذِي يُوعَدُونَ60

ප්‍රතික්ෂේප කළවුනට, ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබුනු ඔවුන්ගේ දිනයේ විනාශය ඇත.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Muhammad Ayyub - Adh-Dhariyat · Tlawati