Al-Ghashiyah

سورة الغاشية

සූරා 88 · මක්කා · 26 පද

88:1ජුස් 30 · පි. 592

هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ1

(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේද?
88:2ජුස් 30 · පි. 592

وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ2

එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව
88:3ජුස් 30 · පි. 592

عَامِلَةٌ نَاصِبَةٌ3

වෙහෙස ව විඩාවට පත් ව තිබේ.
88:4ජුස් 30 · පි. 592

تَصْلَىٰ نَارًا حَامِيَةً4

ඇවිළෙන ගින්නට ඒවා(එම මුහුණු) පිවිසෙයි.
88:5ජුස් 30 · පි. 592

تُسْقَىٰ مِنْ عَيْنٍ آنِيَةٍ5

(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබයි.
88:6ජුස් 30 · පි. 592

لَيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِنْ ضَرِيعٍ6

ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් කිසිවක් නොමැත
88:7ජුස් 30 · පි. 592

لَا يُسْمِنُ وَلَا يُغْنِي مِنْ جُوعٍ7

එය (ඔවුන් ව) පුෂ්ටිමත් නොකරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නොවෙයි.
88:8ජුස් 30 · පි. 592

وُجُوهٌ يَوْمَئِذٍ نَاعِمَةٌ8

(ඇතැම්) මුහුණු සතුටින් සිටිති.
88:9ජුස් 30 · පි. 592

لِسَعْيِهَا رَاضِيَةٌ9

ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳ ව තෘප්තියට පත් ව
88:10ජුස් 30 · පි. 592

فِي جَنَّةٍ عَالِيَةٍ10

උසස් ස්වර්ග උයන්හි (සතුටින් සිටිති.)
88:11ජුස් 30 · පි. 592

لَا تَسْمَعُ فِيهَا لَاغِيَةً11

එහි පුහු වදන් ශ්‍රවණය නොකරති.
88:12ජුස් 30 · පි. 592

فِيهَا عَيْنٌ جَارِيَةٌ12

එහි ගලා යන උල්පත් ද
88:13ජුස් 30 · පි. 592

فِيهَا سُرُرٌ مَرْفُوعَةٌ13

එහි ගලා යන උල්පත් ද
88:14ජුස් 30 · පි. 592

وَأَكْوَابٌ مَوْضُوعَةٌ14

(බීමට) තබන ලද ගුරුලේත්තු ද
88:15ජුස් 30 · පි. 592

وَنَمَارِقُ مَصْفُوفَةٌ15

වියන ලද කොට්ට ද
88:16ජුස් 30 · පි. 592

وَزَرَابِيُّ مَبْثُوثَةٌ16

දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
88:17ජුස් 30 · පි. 592

أَفَلَا يَنْظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ17

ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ද, ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
88:18ජුස් 30 · පි. 592

وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ18

අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද, (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
88:19ජුස් 30 · පි. 592

وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ19

කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
88:20ජුස් 30 · පි. 592

وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ20

මහපොළොව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේ දැයි ද ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
88:21ජුස් 30 · පි. 592

فَذَكِّرْ إِنَّمَا أَنْتَ مُذَكِّرٌ21

එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
88:22ජුස් 30 · පි. 592

لَسْتَ عَلَيْهِمْ بِمُصَيْطِرٍ22

නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.
88:23ජුස් 30 · පි. 593

إِلَّا مَنْ تَوَلَّىٰ وَكَفَرَ23

කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.
88:24ජුස් 30 · පි. 593

فَيُعَذِّبُهُ اللَّهُ الْعَذَابَ الْأَكْبَرَ24

සැබැවින්ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේය.
88:25ජුස් 30 · පි. 593

إِنَّ إِلَيْنَا إِيَابَهُمْ25

සැබැවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.
88:26ජුස් 30 · පි. 593

ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُمْ26

සැබැවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය. පසුව සැබැවින්ම ඔවුන්(කළ ක්‍රියාවන්)ගේ ගණනය අප මත ය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න