إِذَا السَّمَاءُ انْفَطَرَتْ1
Al-Infitar
سورة الإنفطار
සූරා 82 · මක්කා · 19 පද
82:1ජුස් 30 · පි. 587
අහස පිපිරී වෙන් ව ගිය විට
82:2ජුස් 30 · පි. 587
وَإِذَا الْكَوَاكِبُ انْتَثَرَتْ2
තවද තාරුකාවන් වැටී විසිරී ගිය විට
82:3ජුස් 30 · පි. 587
وَإِذَا الْبِحَارُ فُجِّرَتْ3
තවද සමුද්රයන් පුපුරා (එකිනෙක මිශ්ර වී) ගලා යන විට
82:4ජුස් 30 · පි. 587
وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ4
තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට
82:5ජුස් 30 · පි. 587
عَلِمَتْ نَفْسٌ مَا قَدَّمَتْ وَأَخَّرَتْ5
සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.
82:6ජුස් 30 · පි. 587
يَا أَيُّهَا الْإِنْسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ6
අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මංමුළා කළේ කුමක් ද?
82:7ජුස් 30 · පි. 587
الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ7
නුඹ ව හැඩගස්වා නුඹට සමබරතාව ඇති කළේ ඔහුය.
82:8ජුස් 30 · පි. 587
فِي أَيِّ صُورَةٍ مَا شَاءَ رَكَّبَكَ8
කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් නුඹ මවා,
82:9ජුස් 30 · පි. 587
كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِ9
නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය.
82:10ජුස් 30 · පි. 587
وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ10
නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් ඇත
82:11ජුස් 30 · පි. 587
كِرَامًا كَاتِبِينَ11
ගෞරවනීය ලේඛකයින්
82:12ජුස් 30 · පි. 587
يَعْلَمُونَ مَا تَفْعَلُونَ12
ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝය.
82:13ජුස් 30 · පි. 587
إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ13
නියත වශයෙන්ම දැහැමියන් සුව සැපයෙහි ය.
82:14ජුස් 30 · පි. 587
وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ14
තවද නියත වශයෙන්ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය.
82:15ජුස් 30 · පි. 587
يَصْلَوْنَهَا يَوْمَ الدِّينِ15
විනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙන්නෝය.
82:16ජුස් 30 · පි. 587
وَمَا هُمْ عَنْهَا بِغَائِبِينَ16
තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟවී සිටින්නන් නොවෙති.
82:17ජුස් 30 · පි. 587
وَمَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ17
විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
82:18ජුස් 30 · පි. 587
ثُمَّ مَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ18
පසු ව ද විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
82:19ජුස් 30 · පි. 587
يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِنَفْسٍ شَيْئًا ۖ وَالْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ19
එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් (හෝ පිහිටවීමේ) බලය නොදරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් වෙත ය.