At-Takwir

سورة التكوير

සූරා 81 · මක්කා · 29 පද

81:1ජුස් 30 · පි. 586

إِذَا الشَّمْسُ كُوِّرَتْ1

හිරු හකුළනු ලබන විට
81:2ජුස් 30 · පි. 586

وَإِذَا النُّجُومُ انْكَدَرَتْ2

තවද තරු කඩා හැළුණු විට
81:3ජුස් 30 · පි. 586

وَإِذَا الْجِبَالُ سُيِّرَتْ3

තවද කඳු ගමන් කරවනු ලබන විට
81:4ජුස් 30 · පි. 586

وَإِذَا الْعِشَارُ عُطِّلَتْ4

තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට
81:5ජුස් 30 · පි. 586

وَإِذَا الْوُحُوشُ حُشِرَتْ5

තවද වන සතුන් රැස් කරනු ලබන විට
81:6ජුස් 30 · පි. 586

وَإِذَا الْبِحَارُ سُجِّرَتْ6

තවද මුහුදු ගිනිගනු ලබන විට
81:7ජුස් 30 · පි. 586

وَإِذَا النُّفُوسُ زُوِّجَتْ7

තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට
81:8ජුස් 30 · පි. 586

وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ8

තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලැබූ විට
81:9ජුස් 30 · පි. 586

بِأَيِّ ذَنْبٍ قُتِلَتْ9

තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැ?යි
81:10ජුස් 30 · පි. 586

وَإِذَا الصُّحُفُ نُشِرَتْ10

තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලැබූ විට
81:11ජුස් 30 · පි. 586

وَإِذَا السَّمَاءُ كُشِطَتْ11

තවද අහස නිරාවරණය කරනු ලැබූ විට
81:12ජුස් 30 · පි. 586

وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ12

තවද නිරය මොලවනු ලැබූ විට
81:13ජුස් 30 · පි. 586

وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ13

තවද (දේව විශ්වාසවන්තයින් වෙත) ස්වර්ගය සමීප කරවනු ලැබූ විට
81:14ජුස් 30 · පි. 586

عَلِمَتْ نَفْسٌ مَا أَحْضَرَتْ14

ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක්දැයි දැන ගනු ඇත.
81:15ජුස් 30 · පි. 586

فَلَا أُقْسِمُ بِالْخُنَّسِ15

එබැවින් ගමන් කරන ග්‍රහතාරකාව මත දිවුරමි.
81:16ජුස් 30 · පි. 586

الْجَوَارِ الْكُنَّسِ16

සැඟ වී නොපෙනී (යන ග්‍රහතාරකාව මත දිවුරමි.)
81:17ජුස් 30 · පි. 586

وَاللَّيْلِ إِذَا عَسْعَسَ17

රාත්‍රිය මත දිවුරමින්. එය ගෙවී යන විට.
81:18ජුස් 30 · පි. 586

وَالصُّبْحِ إِذَا تَنَفَّسَ18

පෙරවරුව මත දිවුරමින්. එය උදා වී පවතින විට
81:19ජුස් 30 · පි. 586

إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ19

නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.
81:20ජුස් 30 · පි. 586

ذِي قُوَّةٍ عِنْدَ ذِي الْعَرْشِ مَكِينٍ20

බලයෙන් යුක්ත ස්ථාවර ව පවතින සර්වරාජ්‍යයේ හිමිකරු අබියස සිටින,
81:21ජුස් 30 · පි. 586

مُطَاعٍ ثَمَّ أَمِينٍ21

තවද එහි යටහත් වනු ලබන විශ්වාසවන්ත, (දූතයකුගේ වදන වේ.)
81:22ජුස් 30 · පි. 586

وَمَا صَاحِبُكُمْ بِمَجْنُونٍ22

තවද නුඹලාගේ සගයා උම්මත්තකයෙකු නොවේ.
81:23ජුස් 30 · පි. 586

وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ23

තවද සැබැවින්ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේය.
81:24ජුස් 30 · පි. 586

وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ24

තවද ඔහු (සත්‍ය) සඟවන මසුරෙකු නොවේ.
81:25ජුස් 30 · පි. 586

وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَجِيمٍ25

තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නොවේ.
81:26ජුස් 30 · පි. 586

فَأَيْنَ تَذْهَبُونَ26

එබැවින් නුඹලා කොහේ යන්නෙහු ද?
81:27ජුස් 30 · පි. 586

إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ27

එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.
81:28ජුස් 30 · පි. 586

لِمَنْ شَاءَ مِنْكُمْ أَنْ يَسْتَقِيمَ28

නුඹලා අතුරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද ඔහුටය.
81:29ජුස් 30 · පි. 586

وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ29

තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත වන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න