Al-Buruj

سورة البروج

සූරා 85 · මක්කා · 22 පද

85:1ජුස් 30 · පි. 590

وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ1

ග්‍රහ මණ්ඩලයන් ගෙන් යුත් අහස මත ද,
85:2ජුස් 30 · පි. 590

وَالْيَوْمِ الْمَوْعُودِ2

ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත ද,
85:3ජුස් 30 · පි. 590

وَشَاهِدٍ وَمَشْهُودٍ3

සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.
85:4ජුස් 30 · පි. 590

قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ4

අගල් වැසියෝ (අල්ලාහ් විසින්) විනාශ කරනු ලැබුවෝය.
85:5ජුස් 30 · පි. 590

النَّارِ ذَاتِ الْوَقُودِ5

ඉන්ධන වලින් යුක්ත ගින්නෙන් වූ
85:6ජුස් 30 · පි. 590

إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ6

ඔවුහු ඒ මත වාඩි වී සිටියෝය.
85:7ජුස් 30 · පි. 590

وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ7

එකල් හි විශ්වාස කළවුන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් (ඒ මත වාඩි වී සිටියෝය.)
85:8ජුස් 30 · පි. 590

وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَنْ يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ8

ප්‍රශංසාලාභී සර්ව බලපරාක්‍රම අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නොගත්තෝය.
85:9ජුස් 30 · පි. 590

الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ9

අහස් හා මහපොළොවෙහි රාජ්‍ය බලය සතු (අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන්) තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.
85:10ජුස් 30 · පි. 590

إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ10

නියත වශයෙන්ම විශ්වාස කරන පිරිමින්ට හා විශ්වාස කරන කාන්තාවන්ට හිංසා කර, පසු ව පශ්චාත්තාප නොවූවන් වන ඔවුනට නිරයේ දඬුවම ද තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.
85:11ජුස් 30 · පි. 590

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيرُ11

සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අති මහත් ජයග්‍රහණය.
85:12ජුස් 30 · පි. 590

إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ12

නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.
85:13ජුස් 30 · පි. 590

إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ13

(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය.
85:14ජුස් 30 · පි. 590

وَهُوَ الْغَفُورُ الْوَدُودُ14

ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය.
85:15ජුස් 30 · පි. 590

ذُو الْعَرْشِ الْمَجِيدُ15

කීර්තිමත් අර්ෂ්හි (රාජ්‍යයෙහි) හිමිකරු ය.
85:16ජුස් 30 · පි. 590

فَعَّالٌ لِمَا يُرِيدُ16

ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.
85:17ජුස් 30 · පි. 590

هَلْ أَتَاكَ حَدِيثُ الْجُنُودِ17

(නබිවරය) නුඹට ප්‍රජාවන්ගේ පුවත පැමිණියේ ද?
85:18ජුස් 30 · පි. 590

فِرْعَوْنَ وَثَمُودَ18

ෆිර්අවුන් හා සමූද් (ප්‍රජාවන්ගේ පුවත පැමිණියේ ද?)
85:19ජුස් 30 · පි. 590

بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍ19

නමුත් ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.
85:20ජුස් 30 · පි. 590

وَاللَّهُ مِنْ وَرَائِهِمْ مُحِيطٌ20

තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.
85:21ජුස් 30 · පි. 590

بَلْ هُوَ قُرْآنٌ مَجِيدٌ21

නමුත් එය කීර්තිමත් කුර්ආනය වේ.
85:22ජුස් 30 · පි. 590

فِي لَوْحٍ مَحْفُوظٍ22

ආරක්ෂා කරනු ලැබූ ඵලකයෙහි වූ

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න