Al-Qadr

سورة القدر

සූරා 97 · මක්කා · 5 පද

97:1 · Laylat al-Qadrජුස් 30 · පි. 598

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ1

නියත වශයෙන්ම අපි එය බලගතු රාත්‍රියෙහි පහළ කළෙමු.
97:2ජුස් 30 · පි. 598

وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ2

බලගතු රාත්‍රිය කුමක්දැ යි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
97:3ජුස් 30 · පි. 598

لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ3

බලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම්ය.
97:4ජුස් 30 · පි. 598

تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ4

මලක්වරුන් හා මහා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වන්නේය.
97:5ජුස් 30 · පි. 598

سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ5

ශාන්තියයි ! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න