Al-Mukhtasar (Sinhala)

Ar-Rum · 30:21

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ

නුඹලා ඇය සමග වාසය කරනු පිණිස නුඹලා තුළින්ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා තිබීම ද ඔහුගේ සංඥා අතුරිනි. තවද නුඹලා අතර ආදරය හා කරුණාව ඇති කළේය. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත.
අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් අති වැදගත් සාධකයක් වන්නේ, අහෝ පිරිමි පුද්ගලයිනි! නුඹලාගේ ආත්මාවන් ඔවුන් වෙත ගොස් සම්බන්ධකම් ඇති කරමින් සැනසුම ලබනු පිණිස නුඹලාගේ වර්ගයාගෙන්ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා නුඹලා අතර හා ඔවුන් අතර ආදරය හා කරුණාව ඇති කර තිබීමය. සඳහන් කරනු ලැබූ දෑහි වටහා ගන්නා ජනයාට පැහැදිළි සාධක හා සාක්ෂි ඇත. සැබැවින්ම ඔවුන්ගේ බුද්ධිය ක්රියාත්මක කිරීම තුළින් ප්රයෝජනය ලබනුයේ ඔවුන් වන බැවිණි.

30:21 · Al-Mukhtasar (Sinhala)

Тефсир на вашем језику

Тефсири на арапском

Превод

Слушај