සූරා 9 · ජුස් 11
At-Tawbah · 9:97
الْأَعْرَابُ أَشَدُّ كُفْرًا وَنِفَاقًا وَأَجْدَرُ أَلَّا يَعْلَمُوا حُدُودَ مَا أَنْزَلَ اللَّهُ عَلَىٰ رَسُولِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
ගම්බද අරාබිවරු දේව ප්රතික්ෂේපයෙන් හා කුහකත්වයෙන් ඉතා දරුණුය. අල්ලාහ් ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ දෑහි සීමාවන් ඔවුන් නොදැන සිටීම වඩාත් සුදුසුය. තවද අල්ලාහ් සර්වඥානීය. සියුම් ඥානය ඇත්තාය.
තෆ්සීර්
ගම්බද ජනයා ප්රතික්ෂේප කළේ නම් හෝ කුහක වූයේ නම් හෝ ඔවුන්ගේ ප්රතික්ෂේපය නගරයේ පදිංචි ජනයාට වඩා ඉතා දැඩි ව පිහිටයි. එමෙන්ම ඔවුන්ගේ කුහකත්වය ද මොවුනට වඩා ඉතා දරුණු වේ. ඔවුන් දහම පිළිබඳ මහත් සේ අඥානකමින් පසු වන්නේය. තම දහම් දූතයාණන්ට පහළ කර ඇති ආගමික නීති සීමාවන් සම්ප්රදායන් හා අනිවාර්යය වගකීම් පිළිබඳව නොදැන සිටීමට වඩාත් සුදුස්සන් වන්නේය. ඊට හේතුව ඔවුන්ගේ දැඩි බව, රළු බව හා අඩු ආශ්රයයි. ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු සැලසුම් කිරීමේ හා ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න