සූරා 9 · ජුස් 10
At-Tawbah · 9:39
إِلَّا تَنْفِرُوا يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْئًا ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
නුඹලා පිටත් ව නොයන්නෙහු නම් වේදනීය දඬුවමකින් ඔහු නුඹලාට දඬුවම් කරයි. තවද නුඹලා වෙනුවට වෙනත් පිරිසක් පත් කරයි. එවිට නුඹලා ඔහුට කිසිවකින් හානියක් සිදු කළ නොහැක. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
තෆ්සීර්
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලාගේ සතුරන් සමග සටන් කිරීම සඳහා අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා පිටත් ව නොයන්නේ නම් අවමානය, පරාජය හා වෙනත් කරුණු තුළින් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනු ඇත. එමෙන්ම ජිහාද් සඳහා පිටත්වන්නට ඇරයුම් කරන විට එසේ පිටත් ව යන අල්ලාහ්ට කීකරු තවත් පිරිසක් නුඹලා වෙනුවට ඔහු පෙරළා බිහි කරනු ඇත. ඔහුගේ නියෝගයට නුඹලා පිටුපෑම හේතුවෙන් ඔහුට කිසිවක් හානි කරන්නේ නැත. ඔහු නුඹලාගේ අවශ්යතාවෙන් තොරය. ඔහු වෙත අවශ්යතාව ඇත්තෝ නුඹලාය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. ඔහු ඔහුගේ දහමට ඔහුගේ නබිවරයාට නුඹලා නොමැතිවම ජය ලබා දීමට බලය ඇත්තාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න