සූරා 9 · ජුස් 10

At-Tawbah · 9:32

يُرِيدُونَ أَنْ يُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللَّهُ إِلَّا أَنْ يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

අල්ලාහ්ගේ ආලෝකය තම කටවල් වලින් (පිඹ) නිවා දැමීමට ඔවුහු අපේක්ෂා කරති. දේව ප්‍රතික්ෂේපකයින් පිළිකුල් කළ ද අල්ලාහ් ඔහුගේ ආලෝකය ඔහු පූර්ණවත් නොකර අත හැර නොදමයි.

තෆ්සීර්

දේවත්වය ප්රතික්ෂේප කරන මොවුන් හා දේව ප්රතික්ෂේපයේ පිළිවෙත් මත සිට බොරු ගොතමින් හා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ගෙන ආ දෑ බොරු කරමින් සිටි ජනයා අපේක්ෂා කරනුයේ, ඉස්ලාමය විනාශ කිරීමටත් එය නිෂ්ඵල කිරීමටත්, අල්ලාහ්ගේ ඒකීයත්වය මත ඔහුගේ දූතයාණන් ගෙන ආ සත්යය තහවුරු කරන පැහැදිලි සාක්ෂි හා පහැදිලි සාධක ව්යාජ කිරීමටත් ය. සැබැවින් ඔහුගේ දූතයාණන් ගෙන ආ දෑ සත්යය. දේවත්වය ප්රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද අල්ලාහ් තම දහම සම්පූර්ණ කිරීමටත්, එය හෙළි කිරීමටත් සෙසු පිළිවෙත් වලට වඩා එය ඉහළින් තැබීමටත් අපේක්ෂා කරයි. වෙනත් කරුණු ඔහු ප්රතික්ෂේප කරයි. සැබැවින්ම අල්ලාහ් එය සම්පූර්ණ කරන්නාය. එය හෙළි කරන්නාය. එය ඉහළ නංවන්නාය. අල්ලාහ් යමක් අපේක්ෂා කළ විට වෙනත් අයගේ අපේක්ෂාවන් ශුන්ය වී යයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න