සූරා 9 · ජුස් 11

At-Tawbah · 9:116

إِنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يُحْيِي وَيُمِيتُ ۚ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ

අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුටමය. ඔහු ප්‍රාණය දෙයි. තවද මරණයට පත් කරයි. තවද අල්ලාහ්ගෙන් තොර ව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත.

තෆ්සීර්

අහස් හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය සැබැවින්ම අල්ලාහ් සතුය. ඒ දෙකෙහි ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත. ඒ දෙකෙහි කිසිදු රහසිගත දෙයක් ඔහුට සැඟවෙන්නේ ද නැත. ජීවත් කිරීමට ඔහු අභිමත කරන අය ජීවත් කරවයි. මරණයට පත් කිරීමට ඔහු අභිමත කරන අය මරණයට පත් කරවයි. නුඹලාගේ කටයුතු භාර ව කටයුතු කරන්නට අල්ලාහ්ගෙන් තොර ව වෙනත් භාර කරුවෙකු නුඹලාට නැත. එමෙන්ම නපුර නුඹලාගෙන් වළක්වන්නට හෝ නුඹලාගේ සතුරන්ට එරෙහිව නුඹලාට උදව් කරන්නට හෝ කිසිදු උදව්කරුවෙකු නුඹලාට නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න