وَالسَّمَاءِ وَالطَّارِقِ1
අහස මත ද තාරික් මත ද දිවුරමින්.
وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ2
තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
النَّجْمُ الثَّاقِبُ3
(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.
إِنْ كُلُّ نَفْسٍ لَمَّا عَلَيْهَا حَافِظٌ4
නිරීක්ෂකයෙකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.
فَلْيَنْظُرِ الْإِنْسَانُ مِمَّ خُلِقَ5
මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !
خُلِقَ مِنْ مَاءٍ دَافِقٍ6
විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේය.
يَخْرُجُ مِنْ بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ7
කොන්ද හා පපු පෙදෙස අතරින් පිටවන
إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌ8
සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.
يَوْمَ تُبْلَى السَّرَائِرُ9
රහස්ය දෑ පිරික්සනු ලබන දින.
فَمَا لَهُ مِنْ قُوَّةٍ وَلَا نَاصِرٍ10
එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.
وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ11
තවද (වර්ෂාව නැවත) නැවත ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්
وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ12
පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්
إِنَّهُ لَقَوْلٌ فَصْلٌ13
සැබැවින්ම එය තීරණාත්මක වදනකි.
وَمَا هُوَ بِالْهَزْلِ14
තවද එය සරදමක් නොවේ.
إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا15
සැබැවින්ම ඔවුන් කුමන්ත්රණයක් කුමන්ත්රණය කරති.
وَأَكِيدُ كَيْدًا16
මම ද සැලසුමක් සැලසුම් කරමි.
فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا17
එබැවින් ප්රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය සලසා දෙනු.