සූරා 8 · ජුස් 10
Al-Anfal · 8:67
مَا كَانَ لِنَبِيٍّ أَنْ يَكُونَ لَهُ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِي الْأَرْضِ ۚ تُرِيدُونَ عَرَضَ الدُّنْيَا وَاللَّهُ يُرِيدُ الْآخِرَةَ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
මිහිතලයේ සතුරන් මර්දනය කරන තුරු යුද සිරකරුවන් තබා ගැනීම කිසිදු නබිවරයකුට නොවීය. නුඹලා මෙලොව සම්පත් අපේක්ෂා කරන්නෙහුය. අල්ලාහ් මතු ලොව අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව බලධාරීය. සියුම් ඥානීය.
තෆ්සීර්
තමන් සමග සටන් වදින දේව ප්රතික්ෂේපක සිරකරුවන් නැවත තමන් සමග යළි සටන් නොකරන තරමට ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කරනු පිණිස ඔවුන් අධික ලෙස ඝාතනය කරනු ලබන තෙක් ඔවුන් රඳවා තබා ගැනීම කිසිදු නබිවරයකුට සුදුසු නොවීය. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! බද්ර් සිරකරුවන්ගෙන් වන්දි ලබා ගැනීම නුඹලා අපේක්ෂා කරන්නෙහුය. නමුත් අල්ලාහ් දහමේ ජය හා එහි ගෞරවය තුළින් ලබන මතු ලොව අපේක්ෂා කරයි. අල්ලාහ් තම පැවැත්ම, තම ගුණාංග හා තම ආධිපත්යයේ සර්ව බලධාරීය. කිසිවකු විසින් ඔහු අබිබවා යා නොහැක. ඔහුගේ නියමයන් හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න