සූරා 8 · ජුස් 10
Al-Anfal · 8:65
يَا أَيُّهَا النَّبِيُّ حَرِّضِ الْمُؤْمِنِينَ عَلَى الْقِتَالِ ۚ إِنْ يَكُنْ مِنْكُمْ عِشْرُونَ صَابِرُونَ يَغْلِبُوا مِائَتَيْنِ ۚ وَإِنْ يَكُنْ مِنْكُمْ مِائَةٌ يَغْلِبُوا أَلْفًا مِنَ الَّذِينَ كَفَرُوا بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ
අහෝ නබිවරය ! දේව විශ්වාසවන්තයින් ව යුද්ධය සඳහා දිරි ගන්වනු. නුඹලා අතුරින් විසි දෙනෙකු සිටින්නේ නම් ඔවුහු ඔවුන්ගෙන් දෙසිය දෙනකු අබිබවා යනු ඇත. නුඹලා අතුරින් සිය දෙනෙකු සිටින්නේ නම් ඔවුහු දේව ප්රතික්ෂේපකයින් අතුරින් දහසක් දෙනා අබිබවා යනු ඇත. හේතුව සැබැවින්ම ඔවුන් වටහා නොගන්නා පිරිසක් බැවිනි.
තෆ්සීර්
අහෝ නබිවරය, යුද්ධය සඳහා මුඃමින්වරුන් දිරි ගන්වනු. ඔවුන්ගේ විශ්වාසය බලවත් කරන හා ඔවුන්ගේ අපේක්ෂාවන් ශක්තිමත් කරන කරුණු තුළින් ඔවුන් දිරිගන්වනු. අහෝ විශ්වාස කළවුනි! දේව ප්රතික්ෂේපකයින් සමග සටන් කිරීමේ දී ඉවසීමෙන් කටයුතු කරන විසි දෙනෙකු නුඹලා අතර සිටින්නේ නම් ඔවුන් දේව ප්රතික්ෂේපකයින් අතරින් දෙසීය දෙනෙකු අභිබවා යනු ඇත. නුඹලා අතර එවැනි ඉවසිලිවන්ත සිය දෙනෙකු සිටින්නේ නම්, දේව ප්රතික්ෂේපකයින් දහසක් දෙනා අභිබවා යනු ඇත. ඊට හේතුව සැබැවින්ම දේව ප්රතික්ෂේපකයින් තම සෙනෙහෙවන්තයින්ට උදව් කිරීමේ හා ඔහුගේ සතුරන් පෙරළා දැමීමේ අල්ලාහ්ගේ න්යායය වටහා නොගත් පිරිසක් වන බැවිණි. යුද්ධ කිරීමේ දී ඔවුනට අපේක්ෂාවක් නැත. ඔවුන් එසේ යුද්ධ කරනුයේ මෙලොවෙහි උසස්කම් හේතු කොට ගෙනය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න