සූරා 8 · ජුස් 10
Al-Anfal · 8:62
وَإِنْ يُرِيدُوا أَنْ يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ اللَّهُ ۚ هُوَ الَّذِي أَيَّدَكَ بِنَصْرِهِ وَبِالْمُؤْمِنِينَ
නුඹට ද්රෝහිකම් කිරීමට ඔවුන් සිතන්නේ නම් එවිට (දැන ගනු) නියත වශයෙන්ම අල්ලාහ් නුඹට ප්රමාණවත්ය. ඔහු ඔහුගේ උදව් ව හා දේව විශ්වාසවන්තයින් මඟින් නුඹ ව ස්ථාවර කළේය.
තෆ්සීර්
නුඹලා සමග සටන් වැදීම අතහැර දමා සමාදානය වෙත ඔවුන් නැඹුරුවීම තුළින් නුඹ සමග වංචනික ලෙස සටන් වැදීමට සූදානම් වීම ඔවුන් අපේක්ෂා කරන්නේ නම්, ඔවුන්ගේ කුමන්ත්රණ හා ඔවුන්ගේ වංචාව ඉදිරියේ අල්ලාහ් ඔබට ප්රමාණවත්ය. තම උපකාරයෙන් නුඹ ව බලවත් කළේ ඔහුය. එමෙන්ම මුහාජිර් හා අන්සාර්වරු අතර සිටින දේව විශ්වාසීන්ගේ උපකාරයෙන් නුඹ ව බලවත් කළේ ද ඔහුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න