සූරා 8 · ජුස් 10
Al-Anfal · 8:48
وَإِذْ زَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ الْيَوْمَ مِنَ النَّاسِ وَإِنِّي جَارٌ لَكُمْ ۖ فَلَمَّا تَرَاءَتِ الْفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيْهِ وَقَالَ إِنِّي بَرِيءٌ مِنْكُمْ إِنِّي أَرَىٰ مَا لَا تَرَوْنَ إِنِّي أَخَافُ اللَّهَ ۚ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ
ෂෙයිතාන් ඔවුන්ගේ ක්රියාවන් ඔවුනට අලංකාර කර පෙන් වූ අවස්ථා ව සිහිපත් කරනු. අද දින ජනයා අතුරින් නුඹලා අබිබවා යන කිසිවකු නොමැත. තවද සැබැවින්ම මම නුඹලාගේ අසල් වැසියකු වෙමි. නමුත් දෙපිරිස හමුවීම ඔහු දුටු විට ඔහුගේ විලුඹ දෙක මත ඔහු හැරී ගොස් මම නුඹලාගෙන් නික්ම යමි. නුඹලා නොදකින දෑ සැබැවින්ම මම දකිමි. සැබැවින්ම මම අල්ලාහ්ට බිය වෙමි. තවද අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි යැයි ඔහු පැවසුවේය.
තෆ්සීර්
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලාට අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදය මෙනෙහි කර බලනු. දේව ආදේශකයින්ට ඔවුන්ගේ ක්රියාවන් ෂෙයිතාන් අලංකාරවත් කර මුස්ලිම්වරුන් හමුවීමටත් ඔවුන් සමග යුද වැදීමටත් ඔවුන් දිරි ගන්වා "අද දින නුඹලා අභිබවා යන්නට කිසිවකු නැත. සැබැවින්ම මම නුඹලාට උදව් කරන්නෙක්මි. නුඹලාගේ සතුරන්ගෙන් නුඹලා ව මුදවා ගන්නෙක්මි." යැයි පැවසීය. දෙපිරිස එකිනෙක මුණගැසුණු කල්හි මුඃමින් පිරිස සමග මලක්වරුන් ඉඳ ඔවුනට උදව් කළෝය. දෙවියන් ආදේශ කරන්නන් සමග ෂෙයිතාන් විය. ඔහු ඔවුන් පරාජයට පත් කළේය. ෂෙයිතාන් පසුපස හැරී පලා ගියේය. දෙවියන් අදේශ කරන්නන් දෙස බලා, "සැබැවින්ම මම නුඹලාගෙන් නිදොස් වෙමි. මුඃමින්වරුන්ට ජය අත්පත් කර දෙන්නට පැමිණි මලක්වරුන් සැබැවින්ම මම දුටුවෙමි. අල්ලාහ් මා විනාශ කර දමනු ඇතැයි මම බිය වූයෙමි. අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය. එහෙයින් ඔහුගේ දඬුවම කිසිවකු විසින් උසුලන්නට ශක්තිය නොදරනු ඇත."යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න