සූරා 8 · ජුස් 10
Al-Anfal · 8:44
وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ الْتَقَيْتُمْ فِي أَعْيُنِكُمْ قَلِيلًا وَيُقَلِّلُكُمْ فِي أَعْيُنِهِمْ لِيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا ۗ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ
නුඹලා (යුද බිමෙහි) හමු වූ විට නුඹලාගේ ඇස්වලට ඔවුන් ස්වල්ප දෙනකු වශයෙන් පෙන්වා නුඹලා ව ඔවුන්ගේ ඇස්වලට ස්වල්ප දෙනකු වශයෙන් පෙන් වූ අවස්ථාව සිහිපත් කරනු. එය සිදු කරනු ලැබිය යුත්තක් වූ කරුණ අල්ලාහ් ඉටු කරනු පිණිසය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.
තෆ්සීර්
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා යුද පිටියේ ඔවුන් හමුවන අවස්ථාවේ ඔවුන්ගේ සංඛ්යාව ස්වල්පයක් ලෙස අල්ලාහ් නුඹලාට පෙන් වූ අවස්ථාව සිහිපත් කරනු. ඔවුන් සමග සටන් කිරීම සඳහා අභීත ලෙස ඉදිරිපත් වීමට නුඹලා ව ඔහු සූදානම් කළේය. ඔවුන්ගේ දෑසට නුඹලා ව ස්වල්ප දෙනෙකු ලෙස පෙන්වීය. එවිට නුඹලා සමග සටන් කිරීමට ඔවුහු ඉදිරියට ආවෝය. ඔවුන් නැවත හැරී යාමට සිතුවේ නැත. එසේ සිදු කරනුයේ විය යුතු කරුණ අල්ලාහ් තීන්දු කිරීම පිණිසය. එනම් දෙවියන්ට ආදේශ තැබූවන් යුද්ධයේ මිය යෑමෙන් හා සිරගත වීමෙන් ඔහු දඬුවම් කිරීම හා දෙවියන් විශ්වාස කළවුන්ට සාර්ථකත්වය හා ජය පිරිනැමීමය. සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත පමණය. ඔහු නපුරාට ඔහුගේ නපුරුකම් අනුව ප්රතිවිපාක පිරිනමන අතර දැහැමියාට ඔහුගේ දැහැමිකම් අනුව ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න