සූරා 8 · ජුස් 9
Al-Anfal · 8:19
إِنْ تَسْتَفْتِحُوا فَقَدْ جَاءَكُمُ الْفَتْحُ ۖ وَإِنْ تَنْتَهُوا فَهُوَ خَيْرٌ لَكُمْ ۖ وَإِنْ تَعُودُوا نَعُدْ وَلَنْ تُغْنِيَ عَنْكُمْ فِئَتُكُمْ شَيْئًا وَلَوْ كَثُرَتْ وَأَنَّ اللَّهَ مَعَ الْمُؤْمِنِينَ
(ප්රතික්ෂෙප කළවුනි!) නුඹලා තීන්දුවක් පැතුවේ නම් සැබැවින්ම නුඹලා වෙත එම තීන්දුව පැමිණ ඇත. තවද නුඹලා වැළකී සිටියේ නම් එය නුඹලාට යහපතකි. තවද නුඹලා ( සටන් කිරීමට) නැවත හැරෙන්නේ නම් අපි ද හැරෙන්නෙමු. තවද නුඹලාගේ පිරිස අධික වූවත් එය නුඹලාට ප්රයෝජනවත් නොවන්නේමය. තවද නියත වශයෙන්ම අල්ලාහ් දේව විශ්වාසවන්තයින් සමඟය.
තෆ්සීර්
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සීමාව ඉක්මවා යන අපරාධකරුවන් හට අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ ව්යසනය අත් විය යුතු යැයි නුඹලා ඉල්ලා සිටින්නෙහු නම් නුඹලා පතන දෑ අල්ලාහ් නුඹලාට පහළ කරනු ඇත. එය නුඹලාට දඬුවමක් වන සේ හා දේව භක්තිකයින් හට පාඩමක් වන සේ පිහිටයි. එසේ පැතීමෙන් නුඹලා වැළකී සිටියෙහු නම් එය නුඹලාට යහපතක් වන්නේය. ඇතැම් විට නුඹලාට ප්රමාණවත් කාලයක් ලබා දී නුඹලාගෙන් පළි ගැනීම ඔහු ඉක්මන් නොකරනු ඇත. නමුත් නුඹලා එය ඉල්ලා සිටිමින් දේව විශ්වාස කරන්නන් සමග යුද වදින්නට සූදානම් වන්නෙහු නම්, නුඹලාට එරෙහි ව දඬුවම පහළ කොට දෙවියන් විශ්වාස කරන්නන්හට උපකාර කරන්නට අපි සූදානම් ව සිටින්නෙමු. දෙවියන් විශ්වාස කරන්නන්ගේ සංඛ්යාව අඩු වී, නුඹලාගේ සේනාවේ හෝ නුඹලාගේ සහයට පැමිණි උදව් කරුවන් සංඛ්යාවෙන් අධික වුව ද ඉන් කිසිදු ප්රයෝජනයක් නුඹලාට අත් නොවන්නේය. සැබැවින්ම අල්ලාහ් උදව් කිරීමෙහි හා ස්ථාවර කිරීමෙහි ඔහු ව විශ්වාස කළ අය සමග සිටියි. අල්ලාහ් කවරෙකු සමග සිටින්නේද ඔහු අබිබවා යන්නට කිසිවකු නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න