සූරා 8 · ජුස් 9
Al-Anfal · 8:14
ذَٰلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَافِرِينَ عَذَابَ النَّارِ
මෙන්න, නුඹලා එය භුක්ති විදිනු. තවද නියත වශයෙන්ම නිරා ගින්නේ දඬුවම දේව ප්රතික්ෂේපකයින් සතුය.
තෆ්සීර්
අහෝ අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට එරෙහි ව කටයුතු කරන්නනි! සඳහන් කරන ලද එම දඬුවම් නුඹලාට සතුය. එහෙයින් මෙලොව ජීවිතයේ කල් ඇති ව ලබා දෙන්නක් වශයෙන් නුඹලා එය විඳිනු. එමෙන්ම නුඹලා ප්රතික්ෂේපයේ හා මුරණ්ඩුකමේ සිටියදීම නුඹලා මිය ගියේ නම් නුඹලාට නිරා ගින්නේ දඬුවම මතු ලොවෙහි ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න