සූරා 76 · ජුස් 29

Al-Insan · 76:30

وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا

අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා අභිමත නොකරන්නෙහුය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. අති සියුම් ඥානවන්තය.

තෆ්සීර්

අල්ලාහ්ගේ තෘප්තිය වෙත වූ මාර්ගය නුඹලාට අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා එය පිළිපදින්නට අභිමත නොකරන්නෙහුය. සියලු කරුණු ඔහු වෙතය. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්හට යහපත් වන්නේ කුමක්ද ඔවුනට අයහපත් වන්නේ කුමක්ද යන්න වග මැනවින් දන්නාය. ඔහුගේ මැවීමෙහි ඔහුගේ නියමයෙහි හා ඔහුගේ ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න