සූරා 76 · ජුස් 29

Al-Insan · 76:21

عَالِيَهُمْ ثِيَابُ سُنْدُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ ۖ وَحُلُّوا أَسَاوِرَ مِنْ فِضَّةٍ وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا

සිනිඳු හා කොළ පැහැති ඝන සේද ඇඟලුම් ඔවුන් මත වෙයි. ඔවුනට රිදියෙන් වූ වළලු පලන්ඳවනු ලබති. තවද ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිසිදු පානය සපයනු ඇත.

තෆ්සීර්

ඔවුන්ගේ ශරීර මත අභිමානයෙන් යුත් වටිනා කොළ පැහැති ඇඳුම් දකින්නට ලැබේ. එය සිනිදු සේද රෙදිවලින් හා ඝන පටරෙදිවලින් යුක්තය. එහි දී ඔවුනට රිදියෙන් යුත් වළලු පලඳවනු ලැබේ. කිසිදු මිශ්රවීමකින් තොරව පිරිසිදු පානය අල්ලාහ් ඔවුනට සපයයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න