සූරා 76 · ජුස් 29
Al-Insan · 76:14
وَدَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا
තවද එහි හෙවණ ඔවුන් මත පහත් ව පවතී. වලු බර පලතුරු පොකුරුද එහි එල්ලී පවතී.
තෆ්සීර්
එම හෙවණ ඔවුනට ඉතා සමීප ව පිහිටයි. පලතුරු පරිභෝජනය කරන්නන් හට ඒවා වසඟ කර දෙනු ලැබේ. එහෙයින් ඔවුහු හාන්සි වූ තත්ත්වයෙන් ද, වාඩි වූ තත්ත්වයෙන් ද, සිටගත් තත්ත්වයෙන් ද ලැබිය හැකි පරිදි ඔවුන් ඒවා ඉතා පහසුවෙන් හා ලෙහෙසියෙන් පරිභෝජනය කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න