සූරා 76 · ජුස් 29
Al-Insan · 76:12
وَجَزَاهُمْ بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا
ඔවුන් ඉවසා සිටි බැවින් ස්වර්ග උයන හා සේද රෙදි ඔවුනට ඔහු ප්රතිඵල වශයෙන් පිරිනැමුවේය.
තෆ්සීර්
අවනත වීමේ දී ඔවුන්ගේ ඉවසීම, අල්ලාහ්ගේ නියමයන්හි ඔවුන්ගේ ඉවසීම හා පාපකම් සිදු කිරීමෙන් වැළකී සිටීමේ දී ඔවුන්ගේ ඉවසීම යනාදිය හේතුවෙන් එහි ඔවුන් භුක්ති විඳිය හැකි ස්වර්ග උයන් හා ඇඳිය හැකි සේද රෙදි අල්ලාහ් ඔවුනට කුසල් වශයෙන් පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න