Al-Qiyamah

سورة القيامة

සූරා 75 · මක්කා · 40 පද

75:1ජුස් 29 · පි. 577

لَا أُقْسِمُ بِيَوْمِ الْقِيَامَةِ1

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරා පවසමි.
75:2ජුස් 29 · පි. 577

وَلَا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ2

තවද තමන් මත අවලාද නගන ආත්මය මත දිවුරමි.
75:3ජුස් 29 · පි. 577

أَيَحْسَبُ الْإِنْسَانُ أَلَّنْ نَجْمَعَ عِظَامَهُ3

ඔහුගේ අස්ථි අපි එක්රැස් නොකරන්නේම යැයි මිනිසා සිතන්නේද?
75:4ජුස් 29 · පි. 577

بَلَىٰ قَادِرِينَ عَلَىٰ أَنْ نُسَوِّيَ بَنَانَهُ4

එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.
75:5ජුස් 29 · පි. 577

بَلْ يُرِيدُ الْإِنْسَانُ لِيَفْجُرَ أَمَامَهُ5

නමුත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.
75:6ජුස් 29 · පි. 577

يَسْأَلُ أَيَّانَ يَوْمُ الْقِيَامَةِ6

“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි.
75:7ජුස් 29 · පි. 577

فَإِذَا بَرِقَ الْبَصَرُ7

දෘෂ්ටිය (නීලංකාරවී) මුළාවී ගිය විට
75:8ජුස් 29 · පි. 577

وَخَسَفَ الْقَمَرُ8

තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට
75:9ජුස් 29 · පි. 577

وَجُمِعَ الشَّمْسُ وَالْقَمَرُ9

තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට
75:10ජුස් 29 · පි. 577

يَقُولُ الْإِنْسَانُ يَوْمَئِذٍ أَيْنَ الْمَفَرُّ10

පලා යන තැන කොතැනදැයි එදින මිනිසා විමසනු ඇත.
75:11ජුස් 29 · පි. 577

كَلَّا لَا وَزَرَ11

එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.
75:12ජුස් 29 · පි. 577

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ12

එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.
75:13ජුස් 29 · පි. 577

يُنَبَّأُ الْإِنْسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ13

ඔහු කලින් කළ දෑ හා ඔහු ප්‍රමාද කොට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.
75:14ජුස් 29 · පි. 577

بَلِ الْإِنْسَانُ عَلَىٰ نَفْسِهِ بَصِيرَةٌ14

එසේ නොව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේය.
75:15ජුස් 29 · පි. 577

وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُ15

ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද
75:16ජුස් 29 · පි. 577

لَا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ16

එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නොසොල්වනු.
75:17ජුස් 29 · පි. 577

إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ17

එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.
75:18ජුස් 29 · පි. 577

فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ18

එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.
75:19ජුස් 29 · පි. 577

ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُ19

පසු ව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන්ම අප වෙත පැවරුණු වගකීමකි.
75:20ජුස් 29 · පි. 578

كَلَّا بَلْ تُحِبُّونَ الْعَاجِلَةَ20

නමුත් නුඹලා මෙලොව ප්‍රිය කරන්නෙහුය.
75:21ජුස් 29 · පි. 578

وَتَذَرُونَ الْآخِرَةَ21

තවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහුය.
75:22ජුස් 29 · පි. 578

وُجُوهٌ يَوْمَئِذٍ نَاضِرَةٌ22

එදින ඇතැම් මුහුණු දීප්තියෙන් පවතී.
75:23ජුස් 29 · පි. 578

إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ23

තම පරමාධිපති දෙස බලමින් සිටිති.
75:24ජුස් 29 · පි. 578

وَوُجُوهٌ يَوْمَئِذٍ بَاسِرَةٌ24

තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූප ව පවතී.
75:25ජුස් 29 · පි. 578

تَظُنُّ أَنْ يُفْعَلَ بِهَا فَاقِرَةٌ25

කොඳු ඇට පෙළ කඩා දමන යමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.
75:26ජුස් 29 · පි. 578

كَلَّا إِذَا بَلَغَتِ التَّرَاقِيَ26

එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට
75:27ජුස් 29 · පි. 578

وَقِيلَ مَنْ ۜ رَاقٍ27

තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැයි විමසනු ලැබු විට
75:28ජුස් 29 · පි. 578

وَظَنَّ أَنَّهُ الْفِرَاقُ28

නියත වශයෙන්ම තමන් වෙන් ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට
75:29ජුස් 29 · පි. 578

وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ29

කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට
75:30ජුස් 29 · පි. 578

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمَسَاقُ30

එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙතය.
75:31ජුස් 29 · පි. 578

فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ31

තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.
75:32ජුස් 29 · පි. 578

وَلَٰكِنْ كَذَّبَ وَتَوَلَّىٰ32

නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.
75:33ජුස් 29 · පි. 578

ثُمَّ ذَهَبَ إِلَىٰ أَهْلِهِ يَتَمَطَّىٰ33

පසු ව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේය.
75:34ජුස් 29 · පි. 578

أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ34

නුඹට ඛේදය වේවා! තවද ඛේදය වේවා!
75:35ජුස් 29 · පි. 578

ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ35

පසු ව ද නුඹට ඛේදය වේවා! තවද ඛේදය වේවා!
75:36ජුස් 29 · පි. 578

أَيَحْسَبُ الْإِنْسَانُ أَنْ يُتْرَكَ سُدًى36

නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?
75:37ජුස් 29 · පි. 578

أَلَمْ يَكُ نُطْفَةً مِنْ مَنِيٍّ يُمْنَىٰ37

විදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද?
75:38ජුස් 29 · පි. 578

ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ38

පසු ව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසු ව ඔහු මවා සැකසුවේය.
75:39ජුස් 29 · පි. 578

فَجَعَلَ مِنْهُ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنْثَىٰ39

පසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේය.
75:40ජුස් 29 · පි. 578

أَلَيْسَ ذَٰلِكَ بِقَادِرٍ عَلَىٰ أَنْ يُحْيِيَ الْمَوْتَىٰ40

එය මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න