සූරා 73 · ජුස් 29

Al-Muzzammil · 73:20

۞ إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِنْ ثُلُثَيِ اللَّيْلِ وَنِصْفَهُ وَثُلُثَهُ وَطَائِفَةٌ مِنَ الَّذِينَ مَعَكَ ۚ وَاللَّهُ يُقَدِّرُ اللَّيْلَ وَالنَّهَارَ ۚ عَلِمَ أَنْ لَنْ تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ ۖ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ ۚ عَلِمَ أَنْ سَيَكُونُ مِنْكُمْ مَرْضَىٰ ۙ وَآخَرُونَ يَضْرِبُونَ فِي الْأَرْضِ يَبْتَغُونَ مِنْ فَضْلِ اللَّهِ ۙ وَآخَرُونَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ ۖ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنْهُ ۚ وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا ۚ وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا ۚ وَاسْتَغْفِرُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

නියත වශයෙන්ම නුඹ රාත්‍රියෙන් තුනෙන් දෙකකට වඩා අඩු කාලයක් ද ඉන් අඩක් ද තුනෙන් එකක කොටසක් ද නැගී සිටින බවත් නුඹ සමග සිටින අය අතුරින් පිරිසක් ද (එසේ) සිටින බවත් නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දන්නේය. අල්ලාහ් රාත්‍රිය හා දහවල ප්‍රමාණ කරන්නේය. නුඹලා එය (නිවැරදි ව) ගණන් නොකරන බව ඔහු දන්නේය. එවිට ඔහු නුඹලාට සමාව දුන්නේය. එහෙයින් අල් කුර්ආනයෙන් පහසු දෑ නුඹලා පාරායනය කරනු. නුඹලා අතර රෝගීන් හා අල්ලාහ්ගේ භාග්‍යයන් සොයා මහපොළොවේ සැරිසරන තවත් අය හා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදින තවත් අය සිටින බව ඔහු දන්නේය. එහෙයින් එයින් පහසු දෑ නුඹලා පාරායනය කරනු. තවද සලාතය නිසි අයුරින් ඉටු කරනු. zසකාත් ද දෙනු. අල්ලාහ්ට අලංකාර ණයක් දෙනු. නුඹලා වෙනුවෙන් කවර යහපතක් නුඹලා ඉදිරිපත් කරන්නේ ද නුඹලා එය අල්ලාහ් අබියස දැක ගනු ඇත. එය ශ්‍රේෂ්ඨය. ප්‍රතිඵලයෙන් වඩාත් ඉමහත්ය. තවද නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණාන්විතය.

තෆ්සීර්

අහෝ දූතය, සැබැවින්ම ඔබ විටෙක රාත්රියේ තුනෙන් දෙකකට වඩා අඩු කාලයක ද, විටෙක එහි අඩක ද විටෙක ඉන් තුනෙන් එක් කොටසක ද සලාත් ඉටු කරන බව නුඹේ පරමාධිපති මැනවින් දනී. එමෙන්ම ඔබ සමග දෙවියන් විශ්වාස කරන පිරිසක් ද එසේ ඉටු කරන බව ද දනී. රාත්රිය හා දහවල නිර්ණය කරනුයේ අල්ලාහ්ය. ඒ දෙකෙහි කාල වේලාවන් ගණනය කරනුයේ ද ඔහුය. එහි වේලාවන් සටහන් කර ගැනීමට හෝ ගණනය කිරීමට හෝ සැබැවින්ම නුඹලාට නොහැකි බව අල්ලාහ් දන්නේය. නුඹලාගේ අවශ්යතාවන්ට අනුකූලව ඊට වඩා වැඩි වේලාවක් රාත්රියේ නැමදුම් කිරීම නුඹලාට අසීරුය. එහෙයින් ඔහු නුඹලාට සමාව දුන්නේය. එහෙයින් නුඹලාට පහසු කාලයක් රාත්රියේ සලාත් ඉටු කරන්න. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අතර රොගාබාධයෙන් පෙළෙන රෝගීන් සිටින බවත්, අල්ලාහ්ගේ පෝෂණය සොයා ගමන් කරන්නන් සිටින බවත්, අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා හා ඔහුගේ වදන උසස් වනු පිණිස දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග අරගල කරන්නන් ද සිටින බවත් අල්ලාහ් දනී. මෙවැන්නන් හට රාත්රියේ අවදි වී නැමදුම් කිරීම අසීරුය. එහෙයින් රාත්රියෙන් ඔබට පහසු කාලයක සලාත් ඉටු කරනු. අනිවාර්යය සලාතයන් එහි පූර්ණ ස්වරූපයෙන් ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් නිකුත් කරනු. අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලාගේ ධනය වියදම් කරනු. නුඹලා වෙනුවෙන් කවර යහපතක් නුඹලා ඉදිරිපත් කළ ද, එය නුඹලා යහපත් හා මහඟු තිළිණයක් ලෙස දකිනු ඇත. අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. තම ගැත්තන් අතරින් සමාව අයැදින්නන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න