සූරා 6 · ජුස් 7
Al-An'am · 6:73
وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۖ وَيَوْمَ يَقُولُ كُنْ فَيَكُونُ ۚ قَوْلُهُ الْحَقُّ ۚ وَلَهُ الْمُلْكُ يَوْمَ يُنْفَخُ فِي الصُّورِ ۚ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ
යථාර්ථයෙන් යුතු ව අහස් හා මහපොළොව මැව්වේ ඔහුමය. කුන් යැයි පවසන දින එය සිදු වන්නේය. ඔහුගේ ප්රකාශය සත්යයකි. තවද සූර් (නම් හොරණෑව) පිඹිනු ලබන දින සියලු ආධිපත්යයන් ඔහු සතු වේ. ගුප්ත දෑ හා බාහිර දෑ පිළිබඳ මැනවින් දන්නාය. තවද ඔහු සියුම් ඥානය ඇති සර්ව ප්රඥාවන්තය.
තෆ්සීර්
සැබෑ ලෙස අහස් හා මහපොළොව මැවූ අල්ලාහ් සුවිශුද්ධය. අල්ලාහ් යම් දෙයකට ‘වනු’ යැයි පවසන දින එය සිදුවන්නේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ නැගිටිනු යැයි පවසන අවස්ථාවේ ඔවුන් සියලු දෙනා නැගිටිනු ඇත. ඔහුගේ ප්රකාශය සැබෑවකි. එය කිසිදු සැකයකින් තොරව සිදුවනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දෙවන හොරණෑව ඉස්රාෆීල් (අලය්හිස් සලාම්) තුමා විසින් පිඹින අවස්ථාවේ සියලු බලය සුවිශුද්ධ අල්ලාහ්ට පමණක් සතු වන්නේය. ඔහු ගුප්ත දෑ පිළිබඳ දන්නාය. එමෙන්ම දෘශ්යමාන දෑ පිළිබඳවත් දන්නාය. ඔහුගේ මැවීම් හි හා ඔහුගේ සැලසුම් හි ඔහු මහා ප්රඥාවන්තය. ඔහු සියලු තොරතුරු දන්නාය. ඔහුගෙන් කිසිවක් සැඟවෙන්නේ නැත. තවද ඔහු ඉදිරියේ කරුණු වල අභ්යන්තරය ඒවායෙහි මතුපිටින් ඇති දෑ මෙන්ය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න