සූරා 6 · ජුස් 7

Al-An'am · 6:22

وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا أَيْنَ شُرَكَاؤُكُمُ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ

තවද එදින ඔවුන් සියලු දෙනා අප එක් රැස් කොට පසුව නුඹලා තරයේ විශ්වාස කරමින් සිටි (අල්ලාහ්ට ආදේශ වශයෙන් ගත්) නුඹලාගේ හවුල්කරුවන් කොහේ දැ යි අපි ආදේශ කළවුන්ගෙන් විමසන්නෙමු.

තෆ්සීර්

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගෙන් කිසිවකු අත් නොහැර ඔවුන් සියලු දෙනා එකට එක්රැස් කොට අල්ලාහ් සමග වෙනත් අය නැමදුමට ගත් ජනයාට තරවටු කරමින්: "සැබැවින්ම අල්ලාහ්ගේ හවුල් කරුවන් මොවුන් යැයි බොරු පවසා වාද කරමින් සිටි ඔබේ හවුල්කරුවන් කොහේ දැ?"යි අප විමසා සිටින අවස්ථාව මෙනෙහි කරනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න