සූරා 6 · ජුස් 8
Al-An'am · 6:139
وَقَالُوا مَا فِي بُطُونِ هَٰذِهِ الْأَنْعَامِ خَالِصَةٌ لِذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰ أَزْوَاجِنَا ۖ وَإِنْ يَكُنْ مَيْتَةً فَهُمْ فِيهِ شُرَكَاءُ ۚ سَيَجْزِيهِمْ وَصْفَهُمْ ۚ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ
මෙම ගොවිපළ සතුන්ගේ කුස තුළ ඇති දෑ පිරිමින්ට පමණක් සතුය. අපගේ සහකාරියන්හට තහනම් කරන ලද්දකි. එය මිය ගිය තත්ත්වයේ තිබේ නම් එහි ඔවුහු හවුල්කරුවන් වෙති යැයි ඔවුහු පවසති ඔවුන්ගේ මෙම ප්රකාශයට ඔහු ඔවුනට ප්රතිවිපාක දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු ප්රඥාවන්තය. සර්ව ඥානීය.
තෆ්සීර්
ඔවුන් තවදුරටත් මෙම අස්සාඉබා හා අල්බහීරා නම් ඔටු දෙනුන්ගේ කුස වල ඇති පැටවුන් පණ පිටින් බිහි කරනු ලැබුවේ නම් එය අපගේ පිරිමින්හට අනුමත වන අතර අපගේ කාන්තාවන්හට තහනම් වේ. උන්ගේ කුස තුළ ඇති පැටවුන් මිය ගොස් තත්ත්වයේ බිහි කරනු ලැබුවේ නම් පිරිමින් හා කාන්තාවන් එහි හවුල්කරුවෝ වෙති යැයි පවසති. ඔවුන්ගේ මෙම ප්රකාශයට සරිලන ප්රතිවිපාක අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. සැබැවින්ම ඔහු ආගමික කරුණු නිතීගත කිරීමෙහි හා ඔහුගේ මැවීම්හි කටයුතු සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය. එමෙන්ම ඔවුන් පිළිබඳ මැනවින් දන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න