සූරා 6 · ජුස් 8

Al-An'am · 6:119

وَمَا لَكُمْ أَلَّا تَأْكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُمْ مَا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا اضْطُرِرْتُمْ إِلَيْهِ ۗ وَإِنَّ كَثِيرًا لَيُضِلُّونَ بِأَهْوَائِهِمْ بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ

තවද කවර දෙයක් කෙරෙහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබුවේ ද එය නුඹලා අනුභව නොකර සිටීමට නුඹලාට කුමක් වී ද ? තවද යමක් කෙරෙහි නුඹලා බල කරනු ලැබුවේ ද එය හැර නුඹලා වෙත තහනම් කර ඇති දෑ නුඹලාට සැබැවින්ම පැහැදිලි කර ඇත. තවද බොහෝ දෙනා කිසිදු දැනුමකින් තොර ව ඔවුන්ගේ මනෝ ආශාවන් අනුව නොමඟ යති. සීමාව ඉක්මවා ගියවුන් පිළිබඳ ව මැනවින් දන්නා සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහුය.

තෆ්සීර්

අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දැයින් අනුභව කිරීමට ඔබ ව වැළැක්වූයේ කුමක්ද? ඔබට තහනම් කුමක් දැයි සැබැවින්ම අල්ලාහ් ඔබට පැහැදිලි කර ඇත. එහෙයින්, නොවැළැක්විය හේතුවක් මත ඒ වෙත ඔබ බල කරනු ලැබූවේ නම් මිස එය අතහැරීම ඔබ වෙත අනිවාර්යය වන්නේය. නොවැළැක්විය හැකි හේතුවක් නම් එය තහනම් දෑ අනුමත කරයි. දෙවියන්ට ආදේශ කරන්නන් බොහෝ දෙනා තමන් නොදැනුවත්කම හේතුවෙන් ඔවුන්ගේ කලහකාරී අදහස් හේතු කොටගෙන සත්යයෙන් පෙරළි ගිය ඔවුන්ගේ අනුගාමිකයින් අනුගමනය කරති. ඔවුන් වෙත තහනම් කළ, මළ සතුන් හා වෙනත් දෑ අනුමත කර ගනිති. අල්ලාහ් අනුමත කළ බහීරා, වසීලා, හාමි වැනි ගොවිපළ සත්ව වර්ග හා වෙනත් දෑ තහනම් කර ගනිති. අහෝ දූතය! අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කළ අය පිළිබඳ ව සැබැවින්ම ඔබේ පරමාධිපති මැනවින් දන්නාය. ඔවුන් ඔහුගේ සීමාවන් උල්ලංඝනය කොට කටයුතු කිරීම සඳහා ඔහු මතු ඔවුනට ප්රතිවිපාක දෙනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න