සූරා 6 · ජුස් 7

Al-An'am · 6:108

وَلَا تَسُبُّوا الَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ فَيَسُبُّوا اللَّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ ۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَىٰ رَبِّهِمْ مَرْجِعُهُمْ فَيُنَبِّئُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ

අල්ලාහ් හැර ඔවුහු අයැදින දෑට නුඹලා අපහාස නොකරනු. එවිට කිසිදු දැනුමකින් තොර ව සීමාව ඉක්මවා යමින් ඔවුහු අල්ලාහ්ටද අපහාස කරති. සෑම ප්‍රජාවකටම ඔවුන්ගේ ක්‍රියාවන් අප අලංකාර වත් කළේ එලෙසය. පසු ව ඔවුන් නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ ඔවුන්ගේ පරමාධිපති වෙතය. එවිට ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු ඔවුනට දන්වා සිටී.

තෆ්සීර්

අහෝ විශ්වාස කළවුනි! අල්ලාහ්ට ආදේශ තබන්නන් ඔහුට ආදේශ කර ඔවුන් නමදින ඔවුන්ගේ පිළිම නින්දා සහගත වුවද දොස් නගන්නට වඩාත් සුදුසු දෑ වුවද ඒවාට ඔබ බැණ නොවදින්න. එය ඔවුන් අල්ලාහ්ට සුදුසු නොවන දෙයක් අඥාන කමින් හා දිගට ගෙන යමින් ඔහුට බැණ නොවදින තරමට විය යුතුය. ඔවුන් කවර මුළාවක සිටින්නේද එය ඔවුනට අලංකාර කර පෙන්වනු ලැබුවාක් මෙන් සෑම සමූහයකමට ඔවුන්ගේ ක්රියාවන් යහපත් වුවද අයහපත් වුවද අපි අලංකාර කර පෙන්වා ඇත්තෙමු. එහෙයින් ඔවුනට කවර කරුණක් අප අලංකාර කර පෙන්වූයේද එය ඔවුන් ගෙන එති. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් නැවත හැරී යනුයේ ඔවුන්ගේ පරමාධිපති වෙතය. මෙලොවෙහි ඔවුන් සිදුකරමින් සිටි දෑ පිළිබඳව ඔහු ඔවුනට දන්වා සිටිනු ඇත. එමෙන්ම ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න