සූරා 59 · ජුස් 28
Al-Hashr · 59:4
ذَٰلِكَ بِأَنَّهُمْ شَاقُّوا اللَّهَ وَرَسُولَهُ ۖ وَمَنْ يُشَاقِّ اللَّهَ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
එය ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ ව ක්රියා කළ බැවිණි. තවද කවරෙකු අල්ලාහ්ට විරුද්ධ වන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.
තෆ්සීර්
ඔවුනට අත් විය යුතු දෑ අත් විය. එය ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන් ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් අල්ලාහ්ට ඔවුන් සතුරු වූ බැවිණි. එමෙන්ම ඔහුගේ දූතයාණන්ටත් සතුරු වූ බැවිණි. කවරෙකු අල්ලාහ්ට සතුරු වූයේ ද, සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව දැනගත යුතුය. ඔහුගේ දැඬි දඬුවම ඔහු අත්කර ගනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න