සූරා 59 · ජුස් 28
Al-Hashr · 59:24
هُوَ اللَّهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ ۖ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ ۚ يُسَبِّحُ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
ඔහු අල්ලාහ්ය. මැවුම්කරුය. උත්පාදකය. මූර්තිකරුය. ඔහුට අලංකාර නාමයන් ඇත. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරීය. මහා ප්රඥාවන්තය.
තෆ්සීර්
අල්ලාහ් වන ඔහු සියලු දේ මැවූ මැවුම්කරුවාණන්ය. සියලු දෑ උත්පාදනය කරන්නාය. ඔහුගේ සියලු මැවීම් ඔහු අභිමත කරන පරිදි මූර්තිමත් කරන්නාය. සුවිශුද්ධ ඔහුට උසස් ගුණාංග සපිරුණු අලංකාර නාමයන් ඇත. අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සියලු අඩුපාඩුවලින් ඔහු ව පිවිතුරු කරයි. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි ආගමානුගත කිරීමෙහි හා නියමයෙහි ඔහු මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න