සූරා 59 · ජුස් 28
Al-Hashr · 59:2
هُوَ الَّذِي أَخْرَجَ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ مِنْ دِيَارِهِمْ لِأَوَّلِ الْحَشْرِ ۚ مَا ظَنَنْتُمْ أَنْ يَخْرُجُوا ۖ وَظَنُّوا أَنَّهُمْ مَانِعَتُهُمْ حُصُونُهُمْ مِنَ اللَّهِ فَأَتَاهُمُ اللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا ۖ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ ۚ يُخْرِبُونَ بُيُوتَهُمْ بِأَيْدِيهِمْ وَأَيْدِي الْمُؤْمِنِينَ فَاعْتَبِرُوا يَا أُولِي الْأَبْصَارِ
සේනාවේ පළමු රැස්වීමේදී දේව ග්රන්ථ ලත් ජනයා අතුරින් ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කළේ ඔහුය. ඔවුන් පිටුවහල් වී යනු ඇතැයි නුඹලා නොසිතූහ. තවද තම බලකොටු අල්ලාගෙන් තමන් ආරක්ෂා කරනු ඇතැයි ඔවුහු සිතුවෝය. එවිට අල්ලාහ්(ගේ ප්රකෝපය) ඔවුන් නොසිතූ පරිදි ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කළේය. එහෙයින් ඔවුන්ගේ නිවෙස් ඔවුන්ගේම අත්වලින් හා දේව විශ්වාසවන්තයින්ගේ අත්වලින් විනාශ කර දැමුවෝය. අහෝ ප්රඥසම්පන්න අයලුවනි! (මෙයින්) නුඹලා පාඩමක් ලබා ගනු.
තෆ්සීර්
අල්ලාහ් ව ප්රතික්ෂේප කළ, ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව බොරු කළ බනූ නළීර් නම් ගෝත්රය මදීනාවේ සිට එහි පිහිටි ඔවුන්ගේ නිවෙස්වලින් සිරියාව දක්වා ප්රථම වරට පිටුවහල් කළේ ඔහුය. ඔවුන් තව්රාතය හිමි යුදෙව් පිරිසක් විය. ඔවුන් ඔවුන්ගේ ගිවිසුම කඩ කිරීමෙන් හා දෙවියන්ට ආදේශ කරන්නන් සමග එක් ව කටයුතු කිරීමෙන් පසුව, ඔවුන්ව සිරියා දේශයට ඔහු පිටුවහල් කළේය. අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! ඔවුන් සතු උඩඟුකම හා සම්පත් හේතුවෙන් ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන් බැහැර වී යනු ඇතැයි නුඹලා නො සිතුවෙහුය. එමෙන්ම ඔවුන් ශක්තිමත්ව ඉදි කළ ඔවුන්ගේ බලකොටු අල්ලාහ්ගේ දඬුවමින් හා විනාශයෙන් ඔවුන් වළක්වනු ඇතැයි නුඹලා සිතුවෙහුය. නමුත් අල්ලාහ් ඔවුන් සමග සටන් කරන මෙන් ද ඔවුන්ගේ නිවෙස්වලින් බැහැර කරන මෙන් ද ඔහුගේ දූතයාණන්ට නියෝග කළ අවස්ථාවේ එම දඬුවම ඔවුනට සැලසුම් කරනු නොලැබූ තත්ත්වයේ ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ගේ හදවත් තුළ අල්ලාහ් දැඩි බියක් ඇති කළේය. ඔවුන් ඔවුන්ගේ දෑතින් මුස්ලිම්වරුන් ඔවුන්ගේ නිවෙස් තුළින් ප්රයෝජන නොලබන පරිදි එහි ඇතුළත තිබූ ඔවුන්ගේ නිවෙස් කඩා බිඳ දැම්මෝය. මුස්ලිම්වරු එහි පිටත ඇති දෑ විනාශ කර දැම්මෝය. අහෝ දැක්මක් ඇත්තනි! ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුනට අත් වූ ඉරණමෙන් නුඹලා උපදෙස් ලබනු. එහෙයින් නුඹලා ඔවුන් මෙන් නොවනු. එවිට ඔවුන් කවර දඬුවමකින් දඬුවම් කරනු ලැබුවේ ද ඔවුන්ගේ එම දඬුවම හා ප්රතිවිපාකය නුඹලා අත් කර ගනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න