සූරා 59 · ජුස් 28
Al-Hashr · 59:16
كَمَثَلِ الشَّيْطَانِ إِذْ قَالَ لِلْإِنْسَانِ اكْفُرْ فَلَمَّا كَفَرَ قَالَ إِنِّي بَرِيءٌ مِنْكَ إِنِّي أَخَافُ اللَّهَ رَبَّ الْعَالَمِينَ
(කුහකයෝ) ෂෙයිතාන්ගේ උපමාවට සමානය. එනම් “නුඹ ප්රතික්ෂේප කරනු” යැයි ඔහු මිනිසාට කී විට එසේ (මිනිසා වන) ඔහු ප්රතික්ෂේප කළ කල්හි “නියත වශයෙන්ම මම නුඹෙන් ඉවත් වූයෙක්මි. ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට නියත වශයෙන්ම මම බිය වෙමි” යැයි ඔහු (ෂෙයිතාන්) පවසයි.
තෆ්සීර්
කුහකයින් සවන් දීමේදී ඔවුනට උපමාව දෙවියන් ප්රතික්ෂේප කිරීම මිනිසුන්ට අලංකාරවත් කර පෙන්වන ෂෙයිතාන්ගේ උපමාව හා සමානය. ඔහුට දේව ප්රතික්ෂේපය අලංකාරවත් කර පෙන්වීම හේතුවෙන් ඔවුන් ප්රතික්ෂේප කරන සෑම අවස්ථාවකම ඔහු, ‘සැබැවින්ම නුඹ ප්රතික්ෂේප කළ දැයින් මම නුඹෙන් නිදොස් වෙමි. සැබැවින්ම සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ්ට බිය වෙමි’ යැයි පවසයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න