සූරා 58 · ජුස් 28
Al-Mujadila · 58:16
اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ فَلَهُمْ عَذَابٌ مُهِينٌ
ඔවුහු තම දිවුරුම පලිහක් වශයෙන් ගත්තෝය. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා ව) වැළැක්වූහ. එහෙයින් නින්දනීය දඬුවමක් ඔවුනට ඇත.
තෆ්සීර්
දේව ප්රතික්ෂේපය හේතුකොට ගෙන තමන් ඝාතනය කරනු ලැබීමට බියෙන් දිවුරා පවසන්නට ගත්තෝය. ඔවුන්ගේ රුධිරය හා ඔවුන්ගේ ධනය ඔවුන් ආරක්ෂා කරනු පිණිස එසේ දිවුරා ඔවුන් ඉස්ලාමය මතුපිටින් පෙන්වීය. මුස්ලිම්වරුන් අධෛර්යට පත් කිරීමටත්, ඔවුන් දුර්වල කිරීමටත්, ඔවුන් කටයුතු කරමින් සිටි බැවින් ඔවුන් මිනිසුන් වෙනතකට යොමු කරන්නට තැත් කළෝය. ඔවුන් අවමානයට හා අපහාසයට පත් කරන නින්දනීය දඬුවමක් ඔවුනට ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න