සූරා 58 · ජුස් 28
Al-Mujadila · 58:13
أَأَشْفَقْتُمْ أَنْ تُقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَاتٍ ۚ فَإِذْ لَمْ تَفْعَلُوا وَتَابَ اللَّهُ عَلَيْكُمْ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
(දිළිඳුකම හේතුවෙන්) නුඹලාගේ පෞද්ගලික සාකච්ඡාවට පෙර දානයන් ඉදිරිපත් කිරීමට නුඹලා බියවන්නෙහු ද? එසේ නුඹලා සිදු නොකළ ද අල්ලාහ් නුඹලා වෙත පාප ක්ෂමාව දෙනු ඇත. එහෙයින් නුඹලා සලාතය ඉටු කරනු. තවද zසකාත් දෙනු. තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
තෆ්සීර්
දූතයාණන් සමග නුඹලා පුද්ගලිකව කතා කරන විට දානය පිළිගැන්වීම හේතුවෙන් දිළිඳුභාවයට නුඹලා බිය වන්නෙහු ද? අල්ලාහ් නියෝග කළ දෑ ඉටු කිරීමට නුඹලාට නොහැකි වූ විට එය අතහැර දැමීමට ඔහු නුඹලාට අවකාශය සලසා දී ඔහු නුඹලාට සමාව දුන්නේය. එහෙයින් නුඹලා සලාතය පූර්ණවත් පරිදි ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් ගෙවනු. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් දන්නේය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැගවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න