සූරා 58 · ජුස් 28

Al-Mujadila · 58:10

إِنَّمَا النَّجْوَىٰ مِنَ الشَّيْطَانِ لِيَحْزُنَ الَّذِينَ آمَنُوا وَلَيْسَ بِضَارِّهِمْ شَيْئًا إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ

නියත වශයෙන්ම රහස් සාකච්ඡා කිරීම විශ්වාස කළවුන් දුකට පත් කිරීම සඳහා ෂෙයිතාන්ගෙන් වූවකි. එහෙත්, අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව කිසිවකින් ඔවුනට හිංසා කිරීමක් නැත. එහෙයින් විශ්වාස කරන්නෝ (සියල්ල) භාර කළ යුත්තේ අල්ලාහ් වෙතය.

තෆ්සීර්

සැබැවින්ම පාපකම, සතුරුකම හා දූතයාණන්ට විරුද්ධවීම යනාදී කරුණු ඇතුළත් රහසිගත සාකච්ඡා වනාහි ෂෙයිතාන් විසින් තම මිතුරන් සඳහා අලංකරණය කරන ලද හා කුකුස් ඇති කරන ලද්දක් වේ. එය සැබැවින්ම දේව විශ්වාසීන්ට සමීප ව සිට ඔවුනට දුක ගෙන දෙනු පිණිසය. ෂෙයිතාන් හෝ ඔහුගේ අලංකරණය අල්ලාහ්ගේ අභිමතය හා කැමැත්ත නොමැති ව කිසිවකින් දේව විශ්වාසීන්ට හානියක් ඇති නොවන්නේය. තවද දේව විශ්වාසීන් ඔවුන්ගේ සියලු කටයුතු වලදී අල්ලාහ් මත රැඳී සිටිති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න