اقْتَرَبَتِ السَّاعَةُ وَانْشَقَّ الْقَمَرُ1
අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්රයා පැළී ගොස් ඇත.
وَإِنْ يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُسْتَمِرٌّ2
තවද යම් සංඥාවක් ඔවුන් දුටු විට ඔවුන් පිටුපා (මෙය) ‘පැවත එන හූනියමක්’ යැයි පවසති.
وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُسْتَقِرٌّ3
තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කරති. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක්ම සිදුවන්නකි.
وَلَقَدْ جَاءَهُمْ مِنَ الْأَنْبَاءِ مَا فِيهِ مُزْدَجَرٌ4
තවද වළක්වාලන අවවාදයන් සහිත තොරතුරු ඔවුන් වෙත සැබැවින්ම පැමිණ ඇත.
حِكْمَةٌ بَالِغَةٌ ۖ فَمَا تُغْنِ النُّذُرُ5
එහි ගැඹුරු ප්රඥාව ඇත. නමුත් එම අවවාදය ඵලක් නොවීය.
فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ الدَّاعِ إِلَىٰ شَيْءٍ نُكُرٍ6
එහෙයින් (නබිවරය) කැඳවන්නා පිළිකුල් කරුණක් වෙත කැඳවන දිනයෙහි නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු.
خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُنْتَشِرٌ7
ඔවුන්ගේ බැල්ම අවමන් පහත් භාවයෙන් යුතු ව නියත වශයෙන්ම ඔවුන් විසිරී සිටින පළඟැටියන් මෙන් මිනිවළ වල් වෙතින් බැහැර වෙති.
مُهْطِعِينَ إِلَى الدَّاعِ ۖ يَقُولُ الْكَافِرُونَ هَٰذَا يَوْمٌ عَسِرٌ8
කැඳවන්නා වෙත බෙලි දිගු කරමින් වේගයෙන් පැමිණෙන්නන් ලෙසින් (ඔවුහු බැහැර වෙති.) “මෙය දුෂ්කර දිනයකි” යැයි ප්රතික්ෂේපකයෝ පවසති.
۞ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ9
ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝය. එසේම ඔවුහු අපගේ ගැත්තා බොරු කොට උම්මත්තකයෙකු යැයි පැවසූහ. තවද ඔහු පලවා හරිනු ලැබීය.
فَدَعَا رَبَّهُ أَنِّي مَغْلُوبٌ فَانْتَصِرْ10
එවිට ඔහු නියත වශයෙන්ම “මා අබිබවා යනු ලැබුවෙමි. එහෙයින් මට උදව් කරනු මැනව!” යැයි ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කළේය.
فَفَتَحْنَا أَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُنْهَمِرٍ11
එවිට අපි ධාරානිපාත වැසි ජලයෙන් අහස්හි දොරවල් විවෘත කළෙමු.
وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاءُ عَلَىٰ أَمْرٍ قَدْ قُدِرَ12
තවද අපි මහපොළොවෙහි උල්පත් හට ගැන්වූයෙමු. එවිට පෙර නිර්ණය කරන ලද කරුණක් අනුව එම ජලය (වැසි ජලය සමග) එකතු විය.
وَحَمَلْنَاهُ عَلَىٰ ذَاتِ أَلْوَاحٍ وَدُسُرٍ13
තවද ලෑලි හා ඇබ සහිත දෑ (නැව) මත අපි ඔහු උසුලුවෙමු.
تَجْرِي بِأَعْيُنِنَا جَزَاءً لِمَنْ كَانَ كُفِرَ14
ප්රතික්ෂේප කරනු ලැබ සිටි අයට තිළිණයක් වශයෙන් අපගේ ඇස් ඉදිරිපිට එය යාත්රා විය.
وَلَقَدْ تَرَكْنَاهَا آيَةً فَهَلْ مِنْ مُدَّكِرٍ15
තවද සැබැවින්ම අපි එය සංඥාවක් වශයෙන් ඉතිරි කළෙමු. එහෙයින් උපදෙස් ලබන කිසිවකු හෝ වෙත් ද?
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ16
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වීද?
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ17
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ18
ආද් සමූහයා බොරු කළෝය. එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي يَوْمِ نَحْسٍ مُسْتَمِرٍّ19
අභාග්යය රැඳී පවතින දිනක නියත වශයෙන්ම අපි ඔවුන් වෙත සැඩ සුළගක් එව්වෙමු.
تَنْزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُنْقَعِرٍ20
නියත වශයෙන්ම ඔවුන් මුලිනුදුරන ලද රටඉඳි ගස් කදන් මෙන් එය ජනයා උගුලා දැමීය.
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ21
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ22
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
كَذَّبَتْ ثَمُودُ بِالنُّذُرِ23
සමූද් ජනයා එම අවවාදය බොරු කළෝය.
فَقَالُوا أَبَشَرًا مِنَّا وَاحِدًا نَتَّبِعُهُ إِنَّا إِذًا لَفِي ضَلَالٍ وَسُعُرٍ24
අපගෙන් එක් මිනිසෙකු වූ ඔහු ව ද අපි අනුගමනය කළ යුත්තේ? නියත වශයෙන්ම අපි එවිට නොමගෙහි හා දුෂ්කරත්වය තුළ වන්නෙමු.
أَأُلْقِيَ الذِّكْرُ عَلَيْهِ مِنْ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ25
“අප අතුරින් ඔහු වෙත උපදෙස ඉදිරිපත් කරනු ලැබුවේ ද? එසේ නොව ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.”
سَيَعْلَمُونَ غَدًا مَنِ الْكَذَّابُ الْأَشِرُ26
ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවුරුන් දැයි හෙට (මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන) දින ඔවුහු දැන ගනු ඇත.
إِنَّا مُرْسِلُو النَّاقَةِ فِتْنَةً لَهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ27
නියත වශයෙන්ම අපි ඔටු දෙන ඔවුනට පරීක්ෂණයක් ලෙසින් එවන්නෝ වූයෙමු. එහෙයින් (සාලිහ්!) නුඹ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිනු. තවද ඉවසීමෙන් සිටිනු.
وَنَبِّئْهُمْ أَنَّ الْمَاءَ قِسْمَةٌ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍ مُحْتَضَرٌ28
නියත වශයෙන්ම ඔවුන් අතර (හා ඔටු දෙන අතර) ජලයට කොටසක් ඇත. සෑම පාන වාරයක්ම ඉදිරිපත් කරනු ලබන්නකි.
فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ29
එවිට ඔවුහු ඔවුන්ගෙන් වූ සගයකු කැඳවූහ. එවිට ඔහු (කඩුව) අමෝරා ගෙන (උගේ) ගෙල නහර කපා හැරියේය.
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ30
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَاحِدَةً فَكَانُوا كَهَشِيمِ الْمُحْتَظِرِ31
නියත වශයෙන්ම අපි ඔවුන් වෙත එක් ගිගුරුම් හඬක් එව්වෙමු. එවිට ඔවුහු සත්ව ගාලක පෑගුණු පිදුරු මෙන් වූහ.
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ32
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
كَذَّبَتْ قَوْمُ لُوطٍ بِالنُّذُرِ33
ලූත්ගේ ජනයා ද එම අවවාදය බොරු කළෝය.
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّا آلَ لُوطٍ ۖ نَجَّيْنَاهُمْ بِسَحَرٍ34
නියත වශයෙන්ම අපි ඔවුන් වෙත ගල් කුණාටුවක් එව්වෙමු. (එය ඔවුන් විනාශ කළේය.) නමුත් ලූත්ගේ ජනයා වෙත හැර. අපි ඔවුන් අලුයම් කාලයේ මුදවා ගත්තෙමු.
نِعْمَةً مِنْ عِنْدِنَا ۚ كَذَٰلِكَ نَجْزِي مَنْ شَكَرَ35
(මෙය) අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙනි. අපි ගුණගරුක වූවනට ප්රතිඵල පිරිනමනුයේ එලෙසය.
وَلَقَدْ أَنْذَرَهُمْ بَطْشَتَنَا فَتَمَارَوْا بِالنُّذُرِ36
තවද අපගේ ග්රහණය පිළිබඳ සැබැවින්ම ඔහු(ලූත්) ඔවුනට අවවාද කළේය. නමුත් එම අවවාදය පිළිබඳ ඔවුහු සැක (කොට තර්ක) කළෝය.
وَلَقَدْ رَاوَدُوهُ عَنْ ضَيْفِهِ فَطَمَسْنَا أَعْيُنَهُمْ فَذُوقُوا عَذَابِي وَنُذُرِ37
ඔහුගේ ආගන්තුකයින් පිළිබඳ අශීලාචාර ලෙස හැසිරීමට ඔවුහු ඔහුට සැල කළෝය. එවිට අපි ඔවුන්ගේ ඇස් අන්ධ කළෙමු. එහෙයින් “මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු” (යැයි පැවසුවෙමු.)
وَلَقَدْ صَبَّحَهُمْ بُكْرَةً عَذَابٌ مُسْتَقِرٌّ38
තවද ස්ථීර දඬුවමක් උදෑසන සැබැවින්ම ඔවුනට උදා විය.
فَذُوقُوا عَذَابِي وَنُذُرِ39
එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු.
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ40
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
وَلَقَدْ جَاءَ آلَ فِرْعَوْنَ النُّذُرُ41
තවද ෆිර්අවුන්ගේ ජනයා වෙත ද අවවාදය සැබැවින්ම පැමිණීයේය.
كَذَّبُوا بِآيَاتِنَا كُلِّهَا فَأَخَذْنَاهُمْ أَخْذَ عَزِيزٍ مُقْتَدِرٍ42
ඔවුහු අපගේ වදන් සියල්ල බොරු කළෝය. එවිට අපි බලවත් බලධාරියාගේ ග්රහණයෙන් අපි ඔවුන් ග්රහණය කළෙමු.
أَكُفَّارُكُمْ خَيْرٌ مِنْ أُولَٰئِكُمْ أَمْ لَكُمْ بَرَاءَةٌ فِي الزُّبُرِ43
මොවුනට වඩා නුඹලාගේ දේව ප්රතික්ෂේපකයින් ශ්රේෂ්ඨ ද? එසේ නැතහොත් ග්රන්ථයන් හි නුඹලාට එවැනි නිදහසක් ලබා දී තිබේද?
أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُنْتَصِرٌ44
එසේ නැතහොත් “අපි සියල්ලෝම එකිනෙකාට උදව් කරන සමුහයකි” (එයින් ජය ලබන්නෝ වෙමු) යැයි ඔවුහු පවසන්නෝ ද?
سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ45
මෙම පිරිස පරාජයට පත් කරනු ලබනු ඇත. තවද ඔවුහු පසුපස හැරී යනු ඇත.
بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ46
නමුත් අවසන් හෝරාව ඔවුනට ප්රතිඥා දෙනු ලැබූවකි. තවද අවසන් හෝරාව වඩාත් බිහිසුණුය. තවද වඩාත් අමිහිරිය.
إِنَّ الْمُجْرِمِينَ فِي ضَلَالٍ وَسُعُرٍ47
නියත වශයෙන්ම වැරදි කරුවෝ නොමගෙහිය. තවද (නිරා ගින්නේ) දුෂ්කරත්වය තුළය.
يَوْمَ يُسْحَبُونَ فِي النَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا مَسَّ سَقَرَ48
ඔවුන්ගේ මුහුණු මතින් නිරයේ ගින්නට ඇදගෙන යනු ලබන දිනයේ සකර් (නම් නිරා ගින්නේ) ස්පර්ශය නුඹලා භුක්ති විදිනු (යැයි පවසනු ලැබේ.)
إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ49
නියත වශයෙන්ම අපි සෑම දෙයක්ම එය ප්රමාණයකින් යුතු ව මැව්වෙමු.
وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ50
තවද අපගේ නියෝගය එක් වරක් පමණි. (එය) ඇසි පිය ගසන්නාක් මෙනි.
وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِنْ مُدَّكِرٍ51
තවද සැබැවින්ම අපි නුඹලා මෙන් වූවන් විනාශ කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවෙකු හෝ වෙත් ද?
وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ52
තවද ඔවුන් සිදු කළ සියලු දෑ ලේඛන වල (ලියවී) ඇත.
وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُسْتَطَرٌ53
තවද කුඩා හා විශාල සියලු දෑ ලියා තබනු ලැබීය
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ54
නියත වශයෙන්ම බිය බැතිමතුන් උයන් හා ගඟ අතරය.
فِي مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيكٍ مُقْتَدِرٍ55
සර්ව බලාධිකාරී රජු අබියස සත්යය ස්ථානයෙහිය.