සූරා 5 · ජුස් 6
Al-Ma'idah · 5:2
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحِلُّوا شَعَائِرَ اللَّهِ وَلَا الشَّهْرَ الْحَرَامَ وَلَا الْهَدْيَ وَلَا الْقَلَائِدَ وَلَا آمِّينَ الْبَيْتَ الْحَرَامَ يَبْتَغُونَ فَضْلًا مِنْ رَبِّهِمْ وَرِضْوَانًا ۚ وَإِذَا حَلَلْتُمْ فَاصْطَادُوا ۚ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ أَنْ صَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ أَنْ تَعْتَدُوا ۘ وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
අහෝ ! විශ්වාස කළවුනි, අල්ලාහ්ගේ සලකුණු වලට හෝ පිවිතුරු පාරිශුද්ධ මාස වලට හෝ (කැප කිරීම් වෙනුවෙන්) වෙන් කළ සතුන්ට හෝ (ඒ සඳහා සලකුණු ලෙස) ගෙලමාල පැලැන්ඳ වූ සතුන්ට හෝ තම පරමාධිපතිගේ භාග්යය හා තෘප්තිය අපේක්ෂාවෙන් පිවිතුරු (ඔහුගේ) නිවසට අභය දායී ව පැමිණෙන්නන්ට හෝ (හිරි හැර හා අවතක්සේරු කිරීම) නුඹලා අනුමත කර නොගනු.තවද නුඹලා ඉහ්රාමය ඉවත් කර දැමුවේ නම් එවිට නුඹලා දඩයම් කර ගනු. මස්ජිදුල් හරාමයෙන් නුඹලා ව වැළැක් වූ පිරිසකගේ ක්රෝධය නුඹලා (ඔවුන් වෙත) සීමාව ඉක්මවා කටයුතු කිරීමට නුඹලා ව පෙලඹවිය නොයුතුය. තවද යහපතට හා බිය බැතිමත්කමට නුඹලා එකිනෙකා උදව් කර ගනු. පාපයට හා සතුරුකමට නුඹලා එකිනෙකා උදව් නොකරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
තෆ්සීර්
අහෝ විශ්වාස කළවුනි! ගරු කරන මෙන් අල්ලාහ් නියෝග කර ඇති එහි ගරුත්වය හේතුවෙන් ඔහු විසින් තහනම් කළ දෑ අනුමත කර ගන්නට නොබලනු. මසා නිම කළ ඇඳුම් ඇඳීම වැනි ඉහ්රාම් තත්ත්වයේ තහනම් කරනු ලැබූ දැයින් ද දඬයම් කිරීම වැනි හරම් සීමාව තුළ සිදු කිරීමට තහනම් කරන ලද දැයින් ද වැළකී සිටිනු. (දුල් කඃදා, දුල් හිජ්ජා, මුහර්රම් හා රජබ් යන) ශුද්ධ වූ මාස වල යුද්ධ කිරීමට අනුමත කර නොගනු. අල්ලාහ් වෙනුවෙන් කැප කිරීම සඳහා හරම් වෙත හද්යු වශයෙන් පිරිනැමූ ගොවිපළ සතුන් කොල්ල කෑමෙන් හා එවැනි අයුතු මාර්ග වලින් එම සතුන් නියමිත ස්ථානයට ගෙනයාම වළක්වමින් ඒවා අනුමත කර නොගනු. ලෝමවලින් ගෙතූ ගෙල මාලවලින් හෝ වෙනත් සලකුණු වලින් කැප කිරීමට වෙන් කළ සතෙක් බවට සලකුණු තබන ලැබූ සත්වයා අනුමත කර නොගනු. ව්යාපාර ලාභය හා අල්ලාහ්ගේ තෘප්තිය පතා අල්ලාහ්ගේ ශුද්ධ නිවස අරමුණු කරමින් පැමිණෙන්නන් අනුමත කර නොගනු. හජ් හෝ උම්රා වන්දනාවේ ඉහ්රාම් තත්ත්වයෙන් මිදී, හරම් සීමාවෙන් බැහැරට ගියේ නම්, ඔබ කැමැති නම් දඬයමෙහි නිරත විය හැක. පිරිසකගේ කෝපය ඔබ ව ශුද්ධ වූ දේවස්ථානයෙන් වළක්වන අයුරින් කටයුතු නොකරනු. ඔවුන් අතර යුක්තිගරුක ව කටයුතු කිරීමට අමතක නොකරනු. අහෝ විශ්වාස කළවුනි! කවර දෙයක් නියෝග කරනු ලැබුවේ ද එය සිදු කිරීමටත් කවර දෙයක් තහනම් කරනු ලැබුවේද එය අතහැර දමන්නටත් නුඹලා එකිනෙකාට සහාය දෙනු. අදාළ පුද්ගලයා පාපියෙකු වන පරිදි දෙවියන්ට පිටුපාන කටයුතු වලට උපකාර නොකරනු. මිනිසුන්ගේ රුධිරය ඔවුන්ගේ සම්පත් ඔවුන්ගේ මාන්යයට හානි කරන පරිදි ඔවුනට එරෙහිව කටයුතු කරන සතුරන්හටත් උපකාර නොකරනු. අල්ලාහ්ට අවනත වෙමින් හා ඔහුට පිටුපෑමෙන් දුරස්වෙමින් ඔහුට බිය වනු. සැබැවින්ම අල්ලාහ් තමන්ට පිටුපාන්නන්හට දැඩි දඬුවම් පමුණුවනු ඇත. එහෙයින් ඔහුගේ දඬුවමින් ඔබ ප්රවේශම් වනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න