සූරා 5 · ජුස් 7

Al-Ma'idah · 5:116

وَإِذْ قَالَ اللَّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ أَأَنْتَ قُلْتَ لِلنَّاسِ اتَّخِذُونِي وَأُمِّيَ إِلَٰهَيْنِ مِنْ دُونِ اللَّهِ ۖ قَالَ سُبْحَانَكَ مَا يَكُونُ لِي أَنْ أَقُولَ مَا لَيْسَ لِي بِحَقٍّ ۚ إِنْ كُنْتُ قُلْتُهُ فَقَدْ عَلِمْتَهُ ۚ تَعْلَمُ مَا فِي نَفْسِي وَلَا أَعْلَمُ مَا فِي نَفْسِكَ ۚ إِنَّكَ أَنْتَ عَلَّامُ الْغُيُوبِ

අහෝ ! මර්යම්ගේ පුත් ඊසා, අල්ලාහ් හැර මා හා මාගේ මව දෙවියන් දෙදෙනකු ලෙස ගන්නැ යි නුඹ ජනයාට පැවසුවේදැ යි අල්ලාහ් පවසන විට ඔහු “ඔබ අතිපිවිතුරුය. මට උරුම නොමැති දෙයක් මා පැවසීමට මට (කිසිදු අයිතියක්) නොමැත. එය මම පවසන්නෙකු ව සිටියේ නම් ඔබ එය දැන සිටින්නෙහිය. මාගේ සිත තුළ ඇති දෑ ඔබ දන්නෙහිය. ඔබේ සිත තුළ ඇති දෑ මම නොදනිමි. සැබැවින්ම ඔබ ගුප්ත දෑ පිළිබඳ සර්වඥය” යැයි පැවසුවේය.

තෆ්සීර්

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් මර්යම්ගේ පුත් ඊසා සමග කතා කරමින් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අහෝ මර්යම්ගේ පුත් ඊසා! අල්ලාහ් හැර මා හා මාගේ මව නැමදුම් ලබන්නන් බවට පත් කරන මෙන් ඔබ මිනිසුන්ට පැවසුවෙහිද? එවිට ඊසා තම පරමාධිපති ව සුවිශුද්ධ කරමින් මෙසේ පිළිතුරු දුන්නේය. සත්ය මිස වෙනකක් ඔවුනට මා පැවසීම මට අවැසි නොවීය. එය මා පවසා සිටි බව නිර්ණය කරනු ලබන්නේ නම් සැබැවින්ම ඒ ගැන ඔබ දන්නෙහිය. හේතුව ඔබට කිසිවක් සැඟවෙන්නේ නැත. මාගේ සිත තුළ සඟවා ඇති දෑ ඔබ දන්නෙහිය. නමුත් ඔබ තුළ ඇති දෑ මම නොදනිමි. ගුප්ත ව ඇති සියලුම දෑ ද සැඟ වී ඇති සියලුම දෑ ද මතුපිටින් ඇති සියලුම දෑ ද දන්නේ ඔබ පමණය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න