සූරා 48 · ජුස් 26

Al-Fath · 48:2

لِيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَاطًا مُسْتَقِيمًا

නුඹේ පාපයෙන් පෙර සිදු වූ දෑ හා පසු සිදු වූ දෑ සඳහා අල්ලාහ් නුඹට සමාව දෙනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය නුඹ වෙත සම්පූර්ණ කරනු පිණිසත් ඍජු මාර්ගය වෙත නුඹට ඔහු මග පෙන්වනු පිණිසත්ය.

තෆ්සීර්

මෙම ජයග්රහණයට පෙර නුඹ කලින් සිදු කළ පාපයන් හා ඉන් පසුව සිදු කළ පාපයන් සඳහා අල්ලාහ් නුඹට සමාව දෙනු පිණිසය. නුඹේ දහමට උදව් කරමින් නුඹ වෙත ඔහු පිරිනැමූ ඔහුගේ ආශිර්වාද පූර්ණවත් කරනු පිණිසය. එමෙන්ම කිසිදු ඇදයක් නැති ඍජු මාර්ගය වෙත ඔහු නුඹට මග පෙන්වනු පිණිසය. එය ඍජු ඉස්ලාමීය මාර්ගයයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න