සූරා 40 · ජුස් 24
Ghafir · 40:40
مَنْ عَمِلَ سَيِّئَةً فَلَا يُجْزَىٰ إِلَّا مِثْلَهَا ۖ وَمَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍ
“කවරෙකු යම් නපුරක් සිදු කළේ ද ඒ හා සමාන දෙයක් මිස ඔහුට ප්රතිඵල වශයෙන් දෙනු නොලැබේ. තවද යම් පිරිමියකු හෝ වේවා කාන්තවක හෝ වේවා තමන් විශ්වාසවන්තයකු ව සිට දැහැමි ක්රියාවක් සිදු කළේ ද ස්වර්ගයට පිවිස, එහි කිසිදු ගණනයකින් තොර ව පෝෂණය දෙනු ලබන අය වනුයේ ඔවුහුමය.”
තෆ්සීර්
කවරෙකු යම් නපුරු ක්රියාවක් සිදු කළේද ඔහු සිදු කළ එවන් දැයකට මිස ඔවුනට දඬුවම් කරනු නොලැබේ. එහි දඬුවම වැඩි කරනු ලබන්නේද නැත. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා යම් දැහැමි ක්රියාවක් සිදු කළේ ද ඔහු පිරිමියෙකු හෝ වේවා කාන්තාවක හෝ වේවා අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළ අයෙකි. මෙම ප්රශංසනීය ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයට පිවිසෙති. අල්ලාහ් ඔවුනට එහි ප්රතිඥා දුන්, කිසිදා නොනවතින සදා සැප පහසුකම් හා පලතුරු කිසිදු ගණනයකින් තොර ව ඔහු ඔවුනට පෝෂණය කරයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න