සූරා 4 · ජුස් 4
An-Nisa · 4:8
وَإِذَا حَضَرَ الْقِسْمَةَ أُولُو الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينُ فَارْزُقُوهُمْ مِنْهُ وَقُولُوا لَهُمْ قَوْلًا مَعْرُوفًا
බෙදීමේ දී (වස්තුවට උරුමකම් නොලබන) ඥාතීන් ද අනාථයින් ද දුගියන් ද සහභාගී වූයේ නම් එවිට නුඹලා එයින් ඔවුන් ව පෝෂණය කරනු. තවද යහ වදනින් ඔවුනට කතා කරනු.
තෆ්සීර්
අතහැර දමාගිය වස්තුව බෙදන අවස්ථාවේ උරුමකම් නොකියන ඥාතී අය අනාථයන් හා දිළිඳුන් සම්මුඛ ව සිටින විට හිතවත්කම පතා නුඹලාට ලැබිය යුතු ධනය බෙදන්නට මත්තෙන් ඔවුනට ද යමක් පිරිනමනු. ඔවුන් ඒ ගැන කැමැත්තෙන් පසුවෙති. එය කිසිදු උත්සහයකින් තොර ව නුඹලාට ලැබී ඇත. පිළිකුල් සහගත නොවන යහපත් වදනින් ඔවුන් සමග කතා කරනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න