සූරා 39 · ජුස් 24

Az-Zumar · 39:71

وَسِيقَ الَّذِينَ كَفَرُوا إِلَىٰ جَهَنَّمَ زُمَرًا ۖ حَتَّىٰ إِذَا جَاءُوهَا فُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِنْكُمْ يَتْلُونَ عَلَيْكُمْ آيَاتِ رَبِّكُمْ وَيُنْذِرُونَكُمْ لِقَاءَ يَوْمِكُمْ هَٰذَا ۚ قَالُوا بَلَىٰ وَلَٰكِنْ حَقَّتْ كَلِمَةُ الْعَذَابِ عَلَى الْكَافِرِينَ

දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. නුඹලා වෙත නුඹලාගේ පරමාධිපතිගේ වදන් පාරායනය කරන දහම් දූතවරුන් නුඹලා අතුරින් නුඹලා වෙත නොපැමිණියේ ද? තවද නුඹලාගේ මෙම දිනයේ හමුව පිළිබඳ නුඹලාට අවවාද නොකළේ දැ?යි එහි භාරකරුවන් ඔවුන්ගෙන් විමසනු ඇත. එසේය. යැයි ඔවුහු පවසති. එනමුත් දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වෙත දඬුවමේ ප්‍රකාශය නියම විය.

තෆ්සීර්

අල්ලාහ් ව ප්රතික්ෂේපකළවුන් ව නින්දිත කණ්ඩායමක් ලෙස මලක්වරු විසින් නිරය වෙත ඇද ගෙන යති. ඔවුන් අපා ගින්නට පැමිණි විට එහි දොරටු අසල නියම කරනු ලැබූ එහි දොරටු පාලක මලක්වරුන් දොරටු විවෘත කොට ඔවුන් හෙළා දැක, මෙසේ පවසා ඔවුන් ව පිළිගනිති. ‘නුඹලා වෙත පහළ කරනු ලැබූ නුඹලාගේ පරමාධිපතිගේ වදන් නුඹලා මත කියවා පෙන්වන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එහි ඇති බිහිසුණු දඬුවම නිසාවෙන් එහි හමු ව ගැන, නුඹලාට අවවාද කරන නුඹලාගේ ම වර්ගයා අතරින් දූතවරුන් නුඹලා වෙත නොපැමිණියේ ද?' දේව ප්රතික්ෂේපකයෝ තම වරද පිළිගනිමින්, ‘එසේය. ඒ සියල්ල සිදු විය. නමුත් (දැන්) දේව ප්රතික්ෂේපකයින් මත දඬුවමේ ප්රකාශය නියම වී ඇත. අප ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ලෙස සිටියෙමු.’ යැයි පවසති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න