සූරා 39 · ජුස් 24
Az-Zumar · 39:63
لَهُ مَقَالِيدُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ أُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ
අහස් හා මහපොළොවේ යතුරු ඔහු සතුය. අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළ ඔවුහුමය පරාජිතයෝ.
තෆ්සීර්
අහස්හි හා මහ පොළොවේ යහපත් දෑ හි භාණ්ඩාගාරයේ යතුරු ඔහු සතුය. ඔහු අභිමත කරන අයට ඒවා පිරිනමයි. ඔහු අභිමත කරන අයගෙන් ඒවා වළක්වාලයි. අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන්ගේ මෙලොව ජීවිතයේ ඔවුන් දේව විශ්වාසය තහනම් කර ගැනීම හේතුවෙන් හා මතු ලොවෙහි සදාතනිකයින් ලෙස අපා ගින්නට පිවිසීම හේතුවෙන් ඔවුහුමය පරාජිතයෝ වන්නෝ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න