සූරා 39 · ජුස් 24

Az-Zumar · 39:60

وَيَوْمَ الْقِيَامَةِ تَرَى الَّذِينَ كَذَبُوا عَلَى اللَّهِ وُجُوهُهُمْ مُسْوَدَّةٌ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِلْمُتَكَبِّرِينَ

තවද අල්ලාහ් කෙරෙහි බොරු පැවසූවන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණු කළු පැහැ ගැන්වී තිබීම ඔබ දකිනු ඇත. උඩඟු වූවන්ට නිරයේ නවාතැනක් නොවේද?

තෆ්සීර්

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ට හවුල්කරුවන් හා දරුවන් ආරෝපණය කරමින් ඔහු කෙරෙහි බොරු ගෙතූවන්ගේ මුහුණු කළු පැහැ ගැන්වී තිබෙනු නුඹ දකිනු ඇත. එය ඔවුන්ගේ අභාග්යවන්තකමෙහි සළකුණයි. අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කිරීමට උඩඟුවූවන්හට නිරයෙහි නවාතැනක් නොමැත්තේ ද? එසේය, සැබවින්ම එහි ඔවුනට නවාතැනක් ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න