සූරා 39 · ජුස් 24

Az-Zumar · 39:51

فَأَصَابَهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا ۚ وَالَّذِينَ ظَلَمُوا مِنْ هَٰؤُلَاءِ سَيُصِيبُهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا وَمَا هُمْ بِمُعْجِزِينَ

එහෙයින් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාකය ඔවුනට හට ගැණින. ඔවුන් අතුරින් අපරාධ කළවුන් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාක ඔවුනට මතු හට ගැනෙනු ඇත. තවද ඔවුහු (සත්‍යය) පරාජයට පත් කරන්නන් නොවෙති.

තෆ්සීර්

ඔවුන් උපයා ගත් දේව ආදේශය හා පාපකම්හි නපුරු ප්රතිවිපාක ඔවුනට අත් විය. මෙසේ ඉදිරිපත් ව සිටියවුන් අතරින් දේව ආදේශය හා පාපකම් තුළින් තමන්ටම අපරාධකරගත්තවුන් වනාහි, ඔවුන් අතීතයේ ඔවුන් උපයා ගත් පාපකම්හි විපාක ඔවුනට අත්වනු ඇත. කිසිවිටෙක අල්ලාහ්ගෙන් මිදී ඔහු ව අබිබවා යන්නට ඔවුනට නොහැක්කේමය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න